සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.අනුහස් සමඟින් මැච් එක අවසන් වී ඔවුන්ගේ ජයග්‍රාහණය ගැන කතා අවන්ත කතා කරමින් සිටින අවස්ථාවේ එතැනට පැමිණෙන ආනන්ද,ඔහුට ඔවුන් මැච් එකට ආරාධනා කලේ නැති බවත් ඔහු පැමිණියේ බලෙන්ම වගේ බවත් කියමින් ඔහු දින්නේ ක්‍රිකට් ගහලා කියාත් ඒක ජිවිතේ නොවෙයි කියාත් මැච් එක ඔහු දිනුවද ඔහුට අනිත් දේවල් දිනන්නට බැරි බවත් ඔහු අවන්තට කිසිසෙත් එය දිනන්නට නොදෙන බවටත් තර්ජනය කරනවා. යළි කිසිම සම්බන්ධතාවක් තියාගන්නට එපා කියාත් ඔහුට පෙන්නට යළි එන්නට එපා කියාත් ආනන්ද පවසමින් දෙව්මිව ඔහු වෙනත් කෙනෙකුට විවාහ කරදෙන බවත් එය අවන්ත දැනටමත් දන්නවා ඇති නේද කියාත් කියමින් ඔහුට එතැනින් යන්න කියනවා.

ආනන්දව මුණගැසෙන්නට පැමිණෙන මයුරට, ආනන්ද ඔහුව හමුවන්නට සිටියේ කියාත් කියමින් මයුර සමඟින් කාරණාවක් කතා කරන්නට අවශ්‍ය බව කියනවා. ඒ වේලාවේ ඔහු සහ දෙව්මි ඔවුන්ව අඳුරගන්නට කාලය ඔහුගෙ ඉල්ලු බවත් ඔහු ඒ සදහා කාලය ලබාදුන් බවත් එහෙයින් දැන් දෙන්නා කතාබහ කර තීරණයක් ලබා දෙන්න කියාත් ආනන්ද පවසනවා. එත් සමඟම ඔහු මේ ගැන දෙව්මිටද කියු බවත් නමුත් තවමත් ඇගෙන් පැහැදිලි උත්තරයක් නොලැබුන බවත් ඇය තවත් කාලය ඔහුගෙන් ඉල්ලා සිටි බවත් ඇය ඒ කරන දේ ගැන ඔහුට සැකයක් තිබෙන බවත් එ නිසා ඔහුගෙන් හරි උත්තරයක් අවශ්‍ය බවත් පවසනවා.මේ වේලාවේ දෙව්මි කියන්නේ නම් තව අවුරුද්දක්වත් මෙසේ අශ්‍රය කල ඉන්පසු විවාහ වෙමු කියා බව මයුර පවසද්දී ඔහුට දෙව්මිගේ කතා වැඩක් නැති බවත් ඔහුගේ වචනය අවශ්‍ය බවත් පවසද්දී ඔහුටද ලොකු හදිස්සියක් නැති බවත් මයුර පවසා සිටිනවා.

මේ වේලාවේ අනුහස්ගේ ඔෆිස් කාමරයට එන අක්ෂා ඔවුන්ගේ විවාහය ගැන ඔහු සමඟින් කතා කරමින් සිටින ගමන් වෙඩින් එකට ඇය අඳින ඇඳුම අනුහස් සමඟින් තෝරමින් සිටිනවා ඒ වේලාවේ අක්ෂා එකපාරටම ඔවුන්ගේ විවාහය තිබෙන දිනයට ඇය ජිවතුන් අතර සිටිද කියා දන්නේ නැහැ කියා අක්ෂා පවසනවාත් සමඟම ඇය දෙස කේන්තියෙන් රවා බලන අනුහස් ඇගේ අත ගසා දමා පුටුවද ඇඳ දමමින් කේන්තියෙන් ඇය සමඟින් වචනයක්වත් කතා නොකර යන්නට යනවා. ඉන්පසු අනුහස් නිවසට ගිය පසු ඔහු සොයා එන අක්ෂා ඔහුගෙන් සමාව ඉල්ලමින් ඇය එය හිතලා කිව්වේ නැති බවත් පවසද්දී ඔහු ඇගේ අත ගෙන ඔළුවේ තබමින් යළිත් එවැනි කතා ඔශුට කියන්නේ පනැති බවට පොරොන්දු වෙන්න කියා හඬමින් ඉල්ලා සිටිද්දී අක්ෂා එය ඔහුට පොරොන්දු වෙමින් ඇය ඔහු වෙනුවෙන් ඉක්මනින්ම සනීප වෙන බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *