සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 9.00ට විකාශනය වන සන්සරිනි ටෙලිනාට්‍ය මේ දින වල ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ අනගිට බොරු කියමින් ඇයව කොළඹට ගෙන්වාගෙන ඇයගේ ජිවිතය විනාශ කර දැමීමට උත්සහ කරන ආදි , ඔහුගේ වාහනය මඟ නතර කර එය කැඩි ඇති බවට ඇයව රවටමින් වාහනය හදාගැනීමට ඒ අවස්ථාවේ හැකියාව නැති බව කියමින් දැන් ඔවුන් මොකද කරන්නේ කියා කපටිකමින් යුතුව ආදි අනගිගෙන් විමසද්දී ඇයට කෙසේ හෝ ගෙදර යාමට අවශ්‍ය බව පවසනවා.ඉන්පසු ඔවුන්ට එදින කෙසේවත් යාමට හැකියාවක් නොමැති හෙයින් එදින ඔහු සමගින් ඇයට ළග පාත තැනකින් නවතිමුද කියා විමසනවාත් සමඟම එය අසා බයවන අනගි, ඇයට නම් එසේ කරන්නට බැරි බව අනගි පවසනවාත් සමඟම එය අසා කෙන්ති යන ආදි ඇය මොන විකාරයක්ද කියන්නේ කියාත් ඔහු ඇයව කන්නේ නැති බවත් පවසමින් ඔවුන් මේ වේලාවේ අමාරුවේ වැටි ඉන්නේ කියාත් ඒ නිසා ඔළුව පාවිච්චි කර වැඩ කරන්න කියාත් ආදි පවසද්දී ඔහු එසේ සැරෙන් කතා කරනවා දැක බය වන අනගි, ඔහුගේ ඒ යෝජනවාට එකඟ වනවා. ඉතිං ඒ අවස්ථාවේ අනගිගේ අම්මා අනගි ගැන සිතමින් පහන පත්තු කරමින් සිටිද්දි එකපාරටම පහන පත්තු කරනවාත් සමගම එය නිවි යද්දී ඇයට අනගිට කරදරයක් වී ඇතිදැයි සැකයක් මතු වනවා.

මේ වේලාවේ කාමරයේ බය වී හඩමින් සිටින අනගිට ලංවන ආදි, ඇයව තුරුළු කරගනිමින් ඇයට හඩන්නේ ඇයිද කියා අසද්දී ඇය කිසිදින අම්මාට බොරු කියා නැති බවත් ඇයට ඒ ගැන දුක බවත් කියද්දී ඇයව බොරුවට සනසන ආදි, අවස්ථාව අනුව ඔවුන්ට බොරු කීමට සිදුවන බව කියද්දී අනගි දිගින් දිගටම හඩමින් ඔහු ඇයව අමතක කරන්නේ නැහැ නේද කියා විමසද්දී,අදින් පසුව ඇයව කෙසේ අමතක කරන්නද කියා අසමින් ඇයව නිදි යහනෙන් හන්සි කරවා ඇයගේ ජිවිතය විනාශ කර දමනවා. ඉතිං ඉන්පසු උදෑසන අනගි ඇහිරි නිදියහනේ සිටි ආදි සොයද්දී ඔහු එතැන සිටියේ නැහැ. ඉන්පසු ඇය බය වී ඔහුට කතා කරමින් සොයද්දී මේසය මත තිබු මුදල් සහ ලියුමක් අනගි දකිනවා.එහි තිබුනේ ඇයට රුපියල් 10 000ක් තබා ඇති බවත් , එයත් රැගෙන ගෙදර යන ලෙසත් සිදු වු කිසිදෙයක් ගැන කිසිවකු සමඟින්වත් නොකියන ලෙසත් එසේ කියා තිබුනහොත් ඇයව මරා දමන බවත්ය.මෙය කියවා ඉවරවෙනවාත් සමඟම අනගි මහ හයියෙන් හඩා වැටෙමින් ඇයට සිදු වු දේ ගැන යළති මතක් කරන්නට පටන් ගන්නවා.ඒ අවස්ථාවේ ඇයට ඔහුගේ සහ ඇයගේ සියළු මතකයන් මතක් වෙන්නට පටන් ගන්නවා.ඇයට මේ වේලාවේ ඇය කල යුත්තේ කුමක්ද කියා සිතාගන්නට බැරිවන තරමටම ඇය අසරණ වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *