සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.දිගින් දිගිටම කුරුළුව අපහසුතාවයට පත් කරමින් ඇයට අනංමනං කීමත් සමඟම අමායා සමඟින් කෝපයෙන් සිටි අභිමන් ඇයට වාහනයේ යන අතරමගදී ඒ ගැන විමසමින් හොඳටම බැන වදිනවා. ඉතිං ඉන්පසු ඔහු ඇයට කතා කල අකාරයට ගැන කණගාටුවට පත් වෙන අභිමන් අමායා ළඟට පැමිණ ඇය ඔහු සමඟින් ඉන්නේ අවුලින් නේද කියා අසමින් ඇගෙන් සමාව ගනිද්දී අමායා ඊට පිළිතුරු දෙමින් මොන දේ වුවත් ඇයට ඔහු සමගින් අවුල් වන්නට බැරි බව පවසනවා. ඒ වේලාවේ එය එසේ වුවත් ඇයගේ හිත රිදෙන විදියේ බොහෝ දේවල් ඔහුගේ කටින් කියැවුන බවත් ඊට සමාව දෙන ලෙසත් අභිමන් යළිත් අමායාගෙන් ඉල්ලා සිටිද්දී අමායා නිහඬව සිටිමත් සමඟම ඇය එසේ උත්තරයක් නොදී ඉන්නේ ඇගේ හිත රිදිලා තිබෙන නිසා නේද කියා යළිත් අභිමන් අසනවා.ඉන්පසු බොරු කියන්නට ඕන නැති බවත් ඇගේ හිත පොඩ්ඩක් රිදුන බවත් කියද්දී එය සාධාරණ බවත් නමුත් ඔහුගේ පැත්තෙනුත් මිට වඩා ඇය සිතිය යුතු බවත් මෙවැනි වැඩක් කරන විට ඔවුන් එකමුතු වී වැඩ කල යුතු බවත් නැතහොත් වැඩේ සාර්ථකව කිරිමට බැරි බවත් අභිමන් අමායාට පැහැදිලි කර දෙනවා.  ඉන්පසු ඔහු කියන දෙ හරි බවත් ඇගේ අතෙත් වැරද්දක් තිබෙන බවත් ඔහු කියු සමහර දේ ගැන ඇයත් කල්පනා කරන විට ඇයටද එසේ සිතුන බවත් අමායා පවසා සිටිනවා.

මේ අවස්ථාවේ කුරුළුගේ ඇඳුම් මාරු කරන විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ශෙයාර් වනවා අමායා අභිමන්ට පෙන්වීමත් සමඟම එය දැක කලබලයට පත් වී ඔහු කුරුළු ඇගේ ජිවිතයට කුමක් හෝ අනතුරුක් සිදු කරගනිවි යැයි බියෙන් කල්පනා කරමින් සිටිද්දී එකපාරටම ඔහුට රෙෂ්මාව මතක් වී ඇයට දුරකථන ඇමතුමක් ලබා ගන්නවා.ඉන්පසු ඔහු කලබලයෙන් මෙන් කුරුළු ඉන්නවාද කියා ඇගෙන් අසද්දී ඇය ෂුටිං ගිය බවත් ඔහුට ඇය කිවේ නැදද් කියාත් රෙෂ්මා විමසද්දී ඔහු කලබල වී සිටින බව දැනුන රෙෂ්මා ඒ ගැන ඔහුගෙන් අසද්දී ලොකු ප්‍රශ්නයක් බවත් ඇයට මොනවත් ආරංචි වුයේ නැතිද කියාත් රෙෂ්මාගෙන් විමසමින් ඔහු දැන් ඇයට ලින්ක් එකක් එවන්නම් කියාත් ඇය එය බලා ඔහුට ඇමතුමක් ලබා ගන්න කියා පවසනවා.ඉන්පසු එය දැක කලබල වී කරන්නට දෙයක් හිතාගන්නට බැරිව රෙෂ්මා ඒ දෙස බලා සිටිනවා. මේ වේලාවේ කුරුළුද ෂුටින් තුළ සිටින අතරේ එතැන සිටින අයද එය කුරුළුට සගවමින් ඇයට ඒ බව නොකියා සිටිද්දී ඇයට ඔවුන් සියළුදෙනා ගැනම ඇයට කුමුක් හෝ දෙයක් සඟවන බව දැනෙනවා.ඉන්පසු ඇය එනවිට ෆොන් එක හැමෝම හංගගන්නේ ඇයි දැයි විමසුවද ඊට ඔවුන් පිළිතුරු නොදී කුරුළුව මඟහරිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *