සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.උඳුල් සහ විශාල් සහෝදරයින් බව දැනගන්නා ඊෂා ඉන්පසු විශාල්ව මුණගැසෙන්නට පැමිණ ඔහු සමඟින් කතා නොකරම අවුලින් සිටිද්දී ඇගේ වෙනස දැනනෙ විශාල් ඇය මෙසේ හැසිරෙන්නේ ඇයිද කියා ඊෂාගෙන් විමසද්දී ඇයව ඔහු මෙසේ රැවට්ටුවේ කියාත් ඇයට මෙසේ බොරු කලේ ඇයිද කියාත් කේන්තියෙන් ඊෂා විමසද්දී කිසිවක් ගැන නොදන්නා විශාල් ඇගේ මේ වෙනස ගැන පුදුම වී ඇය කියන්නේ මොනවා ගැනද කියා අසනවා.ඒ වේලාවේ ඔහු දන්නේම නැතිද කියාත් ඔහුට ඔහුගේ අයියා කතා කර විස්තරේ කිවේ නැතිද කියා ඊෂා අසද්දී එය අසා පුදුම වී බයවෙන විශාල් කතා කර ගත නොහැකිව අයියා කවුද කියා ඊෂාගෙන් ගොත ගසමින් විමසද්දී ඔහු දන්නේම නැතිද ඔහුගේ අයියා කවුද කියා කියාත් තවත් ඇයට බොරු කරන්නට එපා කියාත් කියමින් ඊෂා විශාල්ට හොඳටම බැන වදිනවා.ඒ වේලාවේ සියළුදෙනා එකතුවී ඇය රැවටු බවත් උදුල් කවදාවත් ඇයට එසේ කරයි කියා ඇය හීනෙකින්වත් සිතුවේ නැති බවත් ඊෂා පවසද්දී ඔවුන් ඒ රහස ගැන ඇයට කියන්නට සිටියේ කියා කියනවාත් සමඟම ඇය විශාල්ට කතා කරන්නට ඉඩ නොදීම ඇය කිසිදින ඔවුන් මෙවැනි බොරුවක් ඇයට කරයි කියා සිතුවේ නැහැ බව කියමින් එතැනින් නැගිට යන්නට යනවා.

මේ අතරේ විශාල්ව හමුවී යළිත් නිවසට අවුලින් පැමිණෙන ඊෂා හොඳිටම අවුල් වී සිටිනවා දකින සමාධි ඇයට මොකද්ද වුනේ කියාත් කුමක්ද ප්‍රශ්නය කියාත් දිගින් දිගටම බය වී විමසද්දී ඇයව හැමොම රවට්ටන බවත් උදුල් සහ විශාල් කියන්නේ අයියයි මල්ලි බවත් ඇය කියනවාත් සමඟමඑය අසා පුදුමයට පත්වෙන සමාධි, ඇය දෙස කිසිවක් නොකියා බලා සිටිද්දී ඔවුන් දෙදෙනාගේම තාත්තා එකම තාත්තා බවත් කියද්දී එසේ වෙන්නේ කොහොමද කියා සමාධි කිසිවක් සිතාගත නොහැකිව විමසද්දී එය තමයි ඇත්ත කියාත් මේ ගැන ඇයට කිවේ විශාල්ගේම තාත්තා බවත් ඊෂා පවසා සිටිනවා.ඒ වේලාවේ ඔවුන් දෙදෙනා මේ ගැන දන්නේ නැද්ද කියා සමාධි ඊෂාගෙන් අසද්දී ඔවුන් දෙදෙනා මුල ඉඳන්ම ඒ ගැන දැන තිබෙන බවත් නමුත් ඇයට ඒ ගැන කිවේ නැති බවත් ඊෂා හඬමින් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *