සතියේ දින පහේම අයිටීඑන්  නාළිකාව ඔස්සේ රාත්‍රී 7.30ට විකාශනය වන ජානු ටෙලිනාට්‍ය මේ දින වල ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා..මේ වේලාවේ සහස් සහ ඇගේ නංගීත් සමඟින් ඔවුන්ගේ නිවසට වාහනයෙන් යමින් සිටින අතරේ සහස්ට තවදුරටත් ජානු ගැන සිතන එකේ තේරුමක් නැති බවත් නිකන් දැන දැන ඔහු විනාස වෙන්නට එපා කියාත් ශෂිනි පවසද්දී ඇගේ කතාවට එකතුවන ශෂිනිගේ හස්බන්ඩ් වන රන්දික , සහස්ට මේවා ගැන කියා වැඩක් නැති බවත් ඔහු ජානුගේ මහ ලොකු ආදරෙයන් අන්ධ වෙලායි ඉන්නේ කියාත් රන්දික සිනාසෙමින් කියද්දී ඔහු දෙස ඔරවා බලන සහස් ඔහුට කටවහගෙන ඉන්න කියා පවසනවා. ඉතිං මේ සියළු කතා අසාගෙන නිහඩව සිටි සහස්ගේ නංගි වන ශක්‍යා ඔවුන් කියන කතාව ඇත්ත බවත් ඒ නිසා දැන්වත් ජානු ගැන සිතන එක නවත්වා මිනිමරුවා කවුද කියා සොයා ගන්නට පොලිසියට උදව් කරන්න කියා කියද්දී ශක්‍යා කියන දේ හරියටම හරි කියාත් ඔහුට දැන් ජනත් නෙමෙයි මිනිමරුවා කියා හොඳටම විශ්වාසයි නේද කියාත් ඒ නිසා ජනත්ගේ හැඩරුව තිබෙන සහස්ගේ තරහකාරයා කවුරුන්ද කියා සොයන්නට කියාත් රන්දික පවසනවා.

මේ වේලාවේ සිය කුසට දරුවකු පැමිණ ඇති බව දැනගත් නිත්‍යා එළියට වී පුංචි ඇඳුමකුත් අතේ තියාගෙන සතුටින් කල්පනා කරමින් සිටිද්දී එතැනට පැමිණෙන නාරද, ඇගේ වෙනස දැක ඇය මෙතරම් සතුටින් ඉන්නේ ඇයිද කියා අසද්දී නිත්‍යා ලැජ්ජාවෙන් මෙන් බිම බලා ගනිමින් මුකුත් නැති බව පවසද්දි ඇය ලඟට ලංවෙන නාරද ඔහු හිතන දේ හරිද කියා නිත්‍යාගෙන් අසද්දී ඇය නාරද දෙස යළිත් ලැජ්ජාවෙන් සතුටින් යුතුව බලමින් ඔව් කියා ඔළුව වනද්දී ඔහුටද ඒ සතුට දරාගත නොහැකිව ඔහු තාත්තා කෙනෙකු වෙන්නද යන්නේ කියා විමසමින් ඇය දෙස මඳ වේලාවෙක් ආදරෙයන් බලා හිඳ ඉන්පසු ඇයව වැළඳ ගනිමින් ඇගේ කුසට කන තබමින් සතුට විදින අතරේ කොලු පැටියෙක් නේද කියා අසමින් කතා කරද්දී නිත්‍යා සිනාසෙමින් තවම එයාට ඔහු කියනා දේවල් ඇහෙන්නේ නැති බවත් ඇයට මොනවාද කන්නට ඕන කියාත් ඔහු ණය වෙලා හරි ඇය කන්න කැමති ඕනෑම දෙයක් රැගෙන එන්නම් කියාත් නාරද පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *