සතියේ දින පහේම රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.බන්ටිගේ නිවසට නයෝමි පැමිණෙනවා.ඇය එන විට බන්ටිගේ මල්ලි නිවස අසල සිටිනවා . ඔහු තම පියාට කතා කර කවුරුන්හෝ ඇවිත් සිටින බව පවසනවා.ඉන්පසු බන්ටිගේ තාත්තා පැමිණෙනවා.නයෝමිගෙන් ඇය කවුද කියා ඔහු විමසනවා.තමාව එව්වේ බන්ඩා බවත් ඇය බන්ටිගේ දෙවන මනමාලිය බවත්පවසනවා.ඉන්පසු ඇය එනතුරු බන්ටි බලා සිටි බව පවසා නයෝමිව බන්ටිගේ පියා නිවස වෙත කැදවාගෙන යනවා.මේඅතර ඩාලිං සිකුරා සොයා හෝටලයට පැමිණෙනවා.ඉන්පසු ඔවුන් සිටින කාමරය අසලට පැමිණ දොරට තට්ටු කරනවා.ඔවුන් කිසිවක් ඇනවුම් නොකල බව එහි සිටින ගැහැණු ළමයා පවසනවා.ඉන්පසු ඇය දොර විවෘත කරනවා..

ඉන්පසු ඩාලිං සිසිර කුමාර කියා කෙනෙක් සිටිනවාද කියා විමසනවා.ඉන්පසු සිකුරා හට ඇය කතා කර කවුරුන්හෝ පැමිණි බව පවසනවා.මේ අතර සිකුරා පැමිණෙනවා.තමා එන බව නොදැන සිටියා නේද කියා ඩාලිං සිකුරාගෙන් විමසනවා.ඉන්පසු සිකුරා ඇයට විස්තරය කීමට යාමේදි ඩාලිං සිකුරාට හා එතැන සිටි කෙල්ලට පහර දී එතැනින් පිටව යනවා.සිකුරාද ඇය පසුපස දිව යනවා.ඉන්පසු ඩාලිං ත්‍රීරෝද රථයක නැග එතැනින් පිටව යනවා.සිකුරාද තවත් රථයක නැග යාමට සුදානම් වන විට කාමරයේ සිටි ගැහැණියද සිකුරා සමඟ පැමිණෙනවා.ආණ්‍යා පුටුවකට වී සිටිනවා.ඉන්පසු එතැනට පැමිණෙන අම්මා විවාහය සඳහා යාමට සුදානම් වන බව පවසනවා.තමා යන්නේ බානුකගේ බෑන්ඩ් එක බැලීමට බවත් පවසනවා.රෙහාන්ගේ නංගි හට නානායක්කාරගේ දුව කතා කරනවා.තමා සිප්පි බබා බවත් තමාට ඇය සමඟ කතා කිරීමට උවමනා බව පවසනවා.තමා එවු පින්තූර හඳුනාගත්තාද කියාත් එහි සිටින කෙල්ල රැගෙන පාලු ගෙදරකට ගිය විට කොල්ලන් කීප දෙනෙක්ගෙන් ගුටි කෑ බව පවසනවා.එහි වීඩියෝ තමා ළඟ තිබෙන බවත් එය රුවනි හට එවන ලෙස පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *