සතියේ දින පහේම අයිටීඑන්  නාළිකාව ඔස්සේ රාත්‍රී 7.30ට විකාශනය වන ජානු ටෙලිනාට්‍ය මේ දින වල ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා. මේ වේලාවේ දුව නැතිවීමත් සමඟ කලබලයට පත්වන ශෂිනි මිදුලට එනවාත් සමඟම නොෂිකා දුවව ඇගේ තුරුලට ගෙන හුරතල් කරමින් සිටිනවා දැක එකපාරට අදහාගත නොහැකිව ඇය ළඟට පැමිණ දුවට ඇය ළඟට එන ලෙස පවසද්දී නොෂිකා දරුවාව තද කරගනිමින් දරුවා ඉන්නේ දරුවා ඉන්න ඕන තැන බවත් ඇයට ඇගේ දරුවාව ඕන කියාත් නොෂිකා කෙන්තියෙන් මෙන් පවසද්දි ශෂිනි එය අසා කෝපයට පත්වී ඇගේ දරුවෙක් මෙහේ නැති බවත් හොඳ හිතින් ඇගේ දරුවාව ඇයට දෙන්න කියාත් පවසමින් දරුවාව අතින් ගන්නට උත්සහා කරද්දී නොෂිකා දරුවාගේ අත තද කර දරුවාට රිදවද්දී එය දැක තවත් කෝප වන ශෂිනි එලෙස දරුවාව අදින්නට එපා කියාත් රිදෙයි කියාත් ඇය කෑගසමින් පවසද්දී ඒ දරුවා ශෂිනිගේ නෙමෙයිනේ කියාත් එතරම්ම අමාරුවක් තිබෙනවා නම් රන්දිකට කියා දරුවෙක්ව හදාගන්න කියා නොෂිකා කෑගසනවා.

මේ වේලාවේ රන්දිකට ඇයව හමුවන්නට එන ලෙස පවසන නොෂිකා ඔහු ඇය කියු තැනට ආ පසු ඔහු දෙස ඇසිපිය නොහෙලා බලා හිදිමින් ඔහු ලස්සන වෙලා කියාත් එලෙස දකිද්දී ඔහුව යලිත් බඳින්නට හිතෙන බවත් ආදරෙයන් මෙන් පවසද්දී ඇය කියනා කිසිවක් ගනන් නොගන්නා රන්දික ඇය ඔහුට එනන්ට කිවේ ඇයිද කියා විමසනවා.ඉන්පසු ඇයට සල්ලි ටිකක් ඕන බවත් කියද්දී ඔහු කුමකටද ඇයට සල්ලි දෙන්නේ කියා රන්දික ඇගෙන් විමසද්දී ඔහු එලෙස දෙන්නට ඕන වෙන්නේ ඔහු ඇගේ කලින් සැමියා නිසා කියා නොෂිකා පවසද්දී ඔහු ඇගේ කලින් සැමියා මිසක් දැන් සැමියා නොවේ කියා රන්දික පවසනවාත් සමඟම එසේ නම් ඇයට ඇගේ දරුවාව දෙන්න කියාත් මොකද දරුවා ඇගේ කලින් දරුවා නොවෙනේ කියාත් ඒ නිසා ඇයට දරුවාව දෙන්න කියාත් කියද්දී දරුවාව නම් කොහොමටවත් ඔහු ඇයට දෙන්නේ නැති බව රන්දික පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *