සතියේ දින පහේම සිරිස ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 7.30ට විකාශනය වන හිත ළඟ හිනැහුනා ටෙලිනාට්‍ය මේ දින වල ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා..මේ වේලාවේ සිහින සමඟින් මිනෝලි ඔෆිස් යාමට සූදානම් වු අවස්ථාවේ ඇයව සොයා පැමිණෙන කිරුළිගේ තාත්තා, ඔහුට ඇය සමඟින් කතා කරන්නට අවශ්‍ය බව පවසද්දී ඔහුට එතැනින් වාඩිවෙන්න කියාත් කියන්නට තිබෙන කාරණය ගැන ඇයට කියන්න කියාත් මිනෝලි පවසද්දී ඔහු පැමිණියේ ඔහුගේ දුව වන කිරුළිගේ ප්‍රශ්න ගැන ඇය සමගින් කතා කරන්නට බවත් ඔහු කියමින් විශාල්ගේ සහ කිරුළිගේ සම්බන්ධය තවමත් තිබෙන බවත් විශාල් කෙතරම් එපා කීවද ඔහු ඔවුන්ගේ නිවසට යන එන බවත් හේමන්ත පවසනවා.එමෙන්ම ඔහු එසෙ ඔවුන්ගේ නිවසට යන එන බව ඒ පළාතේ සියළුදෙනාම දන්නා බවත් බැරිවෙලා හෝ මෙම විවාහය සිදුනොවුනහොත් ඔහුට සහ ඔහුගෙ පවුලේ ඇයට එම පළාතේ ඇයට මුහුණ දෙන්න බැරි වන බවත් හේමන්ත තේරුම් කර දෙමින් කිරුළිගේ නම කැත වනවා ඔහුට නිහඬවී බලා සිටිමට නොහැකි බවත් පවසනවා. මේ සියළුදේ අසා සිටි මිනෝලි, එ වෙනුවෙන් ඔවුන් ඇගෙන් මොනවාද බලාපොරොත්තු වන්නේ කියා ඇය විමසද්දී ඔවුන්ගේ සම්බන්ධයට ඇගේ කැමැත්තයි ඔවුන් බලාපොරොත්තු වන්නේ කියා හේමන්ත කියද්දී මඳ සිනාහවක් අමුතුවට පාන මිනෝලි දැන් වෙද්දී ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයට ඇගේ කැමැත්තෙන් අකමැත්තෙන් වැඩක් නැති බවත් ඔවුන් දෙදෙනා කසාඳ බඳිනවාට අකමැත්තන් ඇගේ නැති බවත් මිනෝලි පවසනවාත් සමගම එය අසා හේමන්ත පුදුම වී ඇය දෙස බලා සිටිනවා.

කිරුළි ළඟට පැමිණෙන ඇගේ අම්මා, විශාල්ට ඇය කතා කර බැලුවාද කියා විමසද්දී ඇය කතා කරේ නැති බවත් ඔහුට උවමනාවක් තිබෙනවා නම් කතා කරන්නට බැරි කමක් නැහැනේ කියාත් ඇය ගත්ත කොල් එක්ක ඔහු ෆෝන් එක ඔන් කරාම එම මිස් කෝල් ටික ඔහුට එන බවත් කියද්දී ඇය සිතෙන විදියට ඔහු කුමක් හෝ ලොකු ප්‍රශ්නයක මිනෝලි සමඟින් දාගෙන තිබෙන බව ලාලා පවසද්දී අම්මලා එක්ක ප්‍රශ්න දාගත්තා කියා ඔවුන්ගේ ඇමතුම් වලට ඇයි ඔහුට කතා කරන්නට බැරි කියා කිරුළි ඇගෙන් විමසමින් ඔහු කරන්නේ ඔවුන්ව මඟ හරින එක බවත් කිරුළි පවසා සිටිනවා. ඉන්පසු කිරුළි ඉදිරියේම විශාල්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ලාලා, ඔහුට මොකද වුනේ කියාත් ඔවුන් කෙතරම් ඔහුට ඇමතුම් ලබා ගත්තාද කියාත් ඇයි ඔහු කතා නොකරන්නේ කියාත් විශාල්ගෙන් විමසද්දී , ඔහු මහවිලච්චියට ආ බවත් හෙට බෝහෝ දුරට කොළඹ එයි කියාත් පොඩි ප්‍රශ්නයකුත් ඔහුට තිබෙන බවත් ඔහු ආ පසු ඒ ගැන ඔවුන්ට කියන්නම් කියාත් කියමින් විශාල් දුරකථනය තියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *