සතියේ දින පහේම අයිටීඑන්  නාළිකාව ඔස්සේ රාත්‍රී 7.30ට විකාශනය වන ජානු ටෙලිනාට්‍ය මේ දින වල ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ නව රැකියාවක් සොයා යාමට නිවසින් එළියට බහින සහස්ව දකින නිත්‍යා, ඔහු දෙස හරි ආදරයන් බලමින් ඔහුගේ ලස්සන දැක පුදුමයෙන් මෙන් බලමින් ඔහුට ඇස් වහක් වදින්නට එපා කියාත් ඔහුව ඇය මෙතරම්ම ලස්සනට දැක්කේ එදින බවත් ඔහු මේ කොහේද යන්නේ කියාත් නිත්‍යා විමසද්දි ඔහුට එදින රැකියාවක් සඳහා සම්මුක පරීක්ෂණයක් තිබෙන බවත් එයට යන බවත් සහස් සතුටින් ඇය සමඟින් කියද්දී ඔහු මේ යන ගමන් හරියන්න ඕන කියා නිත්‍යා කිසි ලෝබකමක් ඉරිසියාවක් නැතිව කියද්දී එය ඔහු හොඳින්ම දන්නා බවත් හවසට හමුවෙමු කියාත් සහස් පවසා යන්නට යද්දී ඔහුව මඳක් යළි නතර කරවා ගන්නා නිත්‍යා, ඇයට ඔහුට කියන්නට ආරංචියක් තිබෙන බව ලැජ්ජාවෙන් මෙන් ඔහුට කියමින් ඔහු මාමා කෙනෙකු වෙන්නට යන බව සහස්ට පවසනවා.ඉන්පසු ඔහුට ඇය කියු දේ අදහා ගත නොහැකිව කතා කරගන්නට බැරිව මඳ වේලාවක් ඇය දෙස බලා හිඳ එය ගොඩක් හොඳ ආරංචියක් බවත් කියමින් ඔහු යමක් කියන්නට උත්සහා කරනවාත් සමඟම නිත්‍යා කඳුළු පිරි දෙනතින් යුතුව සහස්ව වැළඳ ගනිද්දී ,ඔහුද ඇයව වැළදගෙන ඇයට කිසිදින වරදින්නේ නැති බවත් නාරදට එක දශමයකින්වත් වරදක් වෙන්නට යළි ඉඩ තියන්නට එපා කියා සහස් නිත්‍යාගෙන් ඉල්ලා සිටිනවා.

මේ වේලාවේ සහස් යහළුවකු සමඟින් කතා කරමින් මඟ යන අතරමඟ සිටියදී අහම්බයෙන් මෙන් නාරදව මුණගැනෙවා. ඒ අවස්ථාවේ ඔහු කොහේද ගියේ කියා සහස් විමසද්දී ඔහු ගෙයක් බලන්නට ගිය බවත් ඔහු ගෙවල් හොයලාම එපා වෙලා කියාත් නාරද සිනාසෙමින් කියද්දි ඔහුගේ මුහුණේ තිබුණු සතුට දකින සහස්ද සිනාසෙමින් නාරද එදින ගොඩක් සතුටින් වගේ නේද කියාත් ගෙදරට අලුතින් එන අමුත්තාට ඔවුන්ගෙන් හදවතින්ම සුභ පැතුම් කියා සහස් කියද්දී ඔහු ඒ ගැන දැනගත්තේ කෙසේද කියා නාරද එකපාරටම කල්පනා කරද්දී ඔහුට වැඩිය හිතන්නට එපා කියාත් එදින උදෑසන නිත්‍යාව ඔහු මුණගැසුණ බවත් ඒ අවස්ථාවේ ඇය ඒ ගැන ඔහුට කියු බවත් සහස් පවසනවා.ඉන්පසු ඔහු සිනාසී සහස් ගෙදර ඉඳන්ද ආවේ කියා සහස්ගෙන් විමසමින් ඔවුන්ගේ ගෙදර ගත්තා කියු මනුස්සයා ඓහට ඇවිත්ලු කියාත් නාරද පවසනවාත් සමඟම කලබල වන සහස් අල්පොන්සු ඇවිත් ද කියා විමසමින් ඉක්මනින් නිවසට යාමට පිටත් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *