සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ කුරුළු ගැන සමාජ මාධ්‍ය තුළ පැතිරෙන් පින්තුරය දැක බොරුවට කලබල වී අභිමන්ව සොයා පැමිණෙන අමායා, කුරුළු මොකද්ද ඒ කරලා තිබෙන්නේ කියාත් ඇය කරපු දේ නිසා ඇය පමණක් නොව ඔවුනුත් විනාශ වී යන බවත් කියා කෑගසද්දී අභිමන් ඇය කියා දේ වැඩි ගානකට නොගෙන එය එතරම් සිතිය යුතු දෙයක් නොවන බවත් එක දකින ඕනෑම කෙනෙකුට එය මඩක් කියා හොඳින්ම පෙනෙන බවත් පවසද්දී එය ඔවුන්ට නොර්මල් දෙයක් වුවත් බලාගෙන සිටින අනිත් ඇයට එය නොර්මල් දෙයක් නොවන බවත් කියද්දී යළිත් අමායාට ඇය හිතන විදිය වැරදි බව තේරුම් කර දෙන්නට උත්සහා ගන්නා අභිමන් එය බලන ඕනැම කෙනෙකුට එය සිදු කර තිබෙන්නේ කුරුළුව වටන්නට බව හොඳින්ම තේරුම් යන බවත් කියද්දී ඔහු කෙසේ කිසිවත් කරුළු කියන්නේ දැන් නිකන්ම නිකන් කෙනෙකු නොවන බවත් ඇය ඔහු විසින් දගලලා දගලලා දාගත්තු බ්රැන්ඩ් එම්බසිඩර් කෙනෙකු බවත් අමායා කියමින් මේ කුරුළු ගැන යන ගොසිප් එක කම්පැනි එකෙන් දැනගතහොත් එය ඔවුන්ට හොද නැති බවත් අමායා කෝපයෙන් පවසනවා. එත් සමඟම කුරුළු මීට වඩා කල්පනාවෙන් යුතුව වැඩ කල යුතු බව ඇය කියද්දී අභිමන් එයද වැඩි ගානකට නොගනමිනි ඇය මින්පසුව එසේ කල්පනාවෙන් වැඩ කරයි කියා පවසා සිටිනවා.

මේ වේලාවේ අදිත්‍යට රෙෂ්මාට හොරෙන් දුරුකතන ඇමතුමක් ලබා ගන්නා අප්පු රහසින් අදිත්‍යට කතා කරමින් කුරුළු අභිමන් සමගින් උදේ පාන්දරම එළියට ගිය බව කියද්දී ඔවුනව් කොහේටද ගියේ කියා අදිත්‍ය විමසද්දී එය නම් ඔහු හරියටම දන්නේ නැති බව ආප්පු කියද්දී පණිවිඩයක් කියනා විට එය විස්තර ඇතිව කියන්නට පුරුදු වෙන්න කියා කේන්තියෙන් පවසනවාත් සමඟම අප්පු අදිත්‍ය සමඟින් කුරුළු ගැන කතා කරමින් සිටිනවා රෙෂ්මා ඔහුගේ පිටුපසින් පැමිණ හොරනේ අසා සිටිද්දී එකපාර පිටිපස්ස අප්පු බලනවාත් සමඟම කරකියා ගන්න දෙයක් නැතිව අප්පු සිංදුවක් කියද්දී ඔහුගේ දුරකථනය බලෙන්ම උඳුරා ගන්නා රෙෂ්මා, ඔහු මේ කරනා කැත වැඩේ මොකද්ද කියාත් ඔහු කියන නිසා තමයි මෙලෙස අප්පු ඔවුන් ගැන ඔත්තු බලන්නේ කියාත් කියද්දී අදිත්‍යට කරකියා ගන්නට දෙයක් නොහැකිව ඔහුට කවුරුත් යන එන තැන් ගැන සොයන්නට අවශ්‍යතාවයක් නැති බවත් කොහොමත් තමන්ට ඕන ඕන තැන් වල ගිහින් දැන් වෙද්දී වැඩ වරද්දගෙනනේ ඉන්නේ කියාත් අදිත්‍ය අමුතුවට පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *