සතියේ දින පහේම සිරිස ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 7.30ට විකාශනය වන හිත ළඟ හිනැහුනා ටෙලිනාට්‍ය මේ දින වල ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා..අවුරුදු ගානකට පෙර සිට නැනෝ අම්මා සහ දේවක විසින් සඟවාගෙන සිටි ඇත්ත මේ වේලාවේදී හෙළි වී හමාරයි. එ තමයි මිනෝලිගේ දරුවා විශාල් නොවන බව. ඒ රහස මෙතෙක් දවස් සඟවගෙන සිටියද තවදුරටත් ඔවුන්ට මෙය කරගෙන යාමට හැකි වන්නේ නැහැ. මේ වේලාවේ එම ඇත්ත දැනගෙන සියළුදෙනාමට නිවසට එන ලෙස දැනුම් දෙන මිනෝලි, ඉන්පසු ඔවුන් සිටින තැනට විශාල්ටද අඩගසන මිනෝලි ඔහු එනතුරු බලා සිටිද්දි එතැනට පැමිණෙන විශාල් ඇයි අම්මේ කියා ඇගෙන් විමසද්දි මිනෝලිට සිදු වී ඇති දේවල් දරාගත නොහැකිව කතා කර ගැනීමටද අපහසුවෙන් ඇය ඔහුගේ අම්මා තමයි කියාත් මෙච්චර කාලයක් ඔහුට කිරිදී හදවඩාගත් අම්මා ඇය බව කියනවාත් සමඟම දේවක හොඳටම බය වී පුදුම වි මිනෝලි දෙස බලනවා. ඒ අවස්ථාවේ ඔහුට තේරුණා මිනෝලි සියළු දේ ගැන දැනගෙන මෙසේ කතා කරන බව ඔහු ගොළු වී ඒ දෙස බලා සිටිනවා. මේ කතා බහ චේතනාද ඒ අසළ සැඟව සිටි අසා සිටිනවා.නැනෝ අම්මාටද ඒ අවස්ථාවේ කිසිවක් කරකියා ගත නොහැකිව බය වී ගොළු වී බලා සිටිනවා. ඉන්පසු ඇයට විශාල් ගැන හිතේ තිබෙන්නාවු බැදිම,ආදරය ඇය මැරෙන තුරුම නැති වෙන්නේ නැති බවත් ඇය මේ දේ වුවත් කියන්නේ හරිම අමාරුවෙන් බවත් එසේ කෙතරම් අමාරු වුවද ඇය රැවටිලා තිබෙන තරමටම ඔහුද රැවටී ඇති බවත් ඒ නිසා ඇයට මේ දේවල් ඔහුට හංඟන්නට බැරි බවත් මිනෝලි ඉතාම සංවේදීව පවසා සිටිනවා.මේ අවස්ථාවේ විශාල් කිසිවක් සිතාගත නොහැකිව මිනෝලි දෙසත් නැනෝ අම්මා දෙසත් දේවක දෙසත් බලා සිටිනවා.ඒ වේලාවේ විශාල්ගේ අම්මා කවුද කියා නැනෝ අම්මා සහ දේවකගෙන් අසා ඔහුට දැනගන්නට අයිතිය තිබෙන බවත් මිනෝලි කෑගසමින් පවසද්දි ඇය කියු දේ අසා චේතනා ද ගැස්සි සිටි තැනම බිමට ඇඳ වැටෙනවා.

මේ වේලාවේ නිවුස් බලමින් සිටින සිය තාත්තා ළඟට පැමිණෙන කිරුළි, ඔවුන්ගේ විවාහය ඉක්මන් කරන කතාවක් ඇයට විශාල් කියු බවත් එක විහිළුවට නේද කියාත් කිරුළි තාත්තාගෙන් විමසද්දී, අම්මා කෙනෙකු තාත්තා කෙනෙකුට එවැනි විහිළු කරන්නට හැකිද කියාත් මේක තවත් එහාට මෙහාට ඇද ඇද ඉන්නට බැරි බවත් විශාල්ගේ අම්මා තාත්තා සමඟින් කතා කර දෙමාවුපියන් හැටියට ඔවුන් වැටි සිටින තත්ත්වය ඔවුන්ට තේරුම් කර දෙන්නට ඕන බවත් කිරුළිගේ තාත්තා පවසනවා. ඉන්පසු ඔවුන්ගේ අකමැත්ත කැමැත්ත බලා අකමැති වුවත් ඔවුන්ගේ අකමැත්ත පැත්කට දමා මෙම විවාහය කරන්නට සිදු වන බවත් ඔහු ටිකක් සැරෙන් මෙන් පවසද්දී එතැනට ලලා එනවාත් සමඟම කිරුළි එතැනින් නැගිට යද්දී ඇයට කිරුළි එසේ නැගිට ගියේ ඇයිද කියන එක ගැන ප්‍රශ්නයක් ඇති වනවා.ඒ වේලාවේ එසේ ඇය යන්නට ඇත්තේ විශාල් ඔවුන් සමඟින් කතා කරපු දේවල් ගැන ඔහු කිරුළි සමගින් කියු නිසා වෙන්නට ඇති කියාත් ලලා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *