සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 9.00ට විකාශනය වන සන්සරිනි ටෙලිනාට්‍ය මේ දින වල ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ අනගි තවමත් නිවසට නොආ නිසා කලබලයට සහ දුකට පත්වී සිටින අනගිගේ අම්මා ලොකු හාමුදුරුවන්ව මුණගැසෙන්නට පැමිණ හඩා වැටෙමින් අනගි පසුදින උදෑසන කොළඹ ගිය බවත් ඇය තවමත් ගෙදර ආවේ නැති බවත් ඇය ගැන කිසිදු තොරතුරක් නැති බවත් ලතා හඬමින් පවසද්දී ඇය ගියේ කාත් සමඟින්ද කියා ලොකු හාමුදුරුවෝ ඇගෙන් විමසද්දී ඇය ගියේ ඇය බඳින්න ඉන්න මහත්තයාත් සමඟින් බවත් කියද්දි මඳ වේලාවක් කල්පනා කරමින් සිටින ලොකු හාමුදුරුවන් ඇය මෙසේ අනගිව තනිව ඒ මහත්තයා සමඟින් කොළඹ යැවු එක නම් අනුමත කරන්නට බැරි බව කියද්දි යළිත් නොනවත්වාම හඩා වැලපෙන ලතා ඇයට සමාව දෙන්න කියාත් අනගි හවස යළි එනවා කියු නිසයි ඇය එසෙ මහත්තයාත් සමඟින් යැව්වේ කියාත් ලතා පවසමින් ඇය එන අතරමගදි ඇයට කතා කල බවත් ඔවුන් එන ගමන් සිටිද්දි වාහනය කැඩුනු බව ඇයට කියු බවත් ඒ නිසා ඔවුන්ට එන්නට පරක්කු වන බව ඇය සමඟින් කියු බවත් ලතා පවසනවා. ඉන්පසු ඇගේ හිත හදන්නට උත්සහා කරන හාමුදුරුවන් ඇයට දුක් වන්ට එපා කියාත් අනගිට කරදරයක් වෙන්න එපා කියා ඇය වෙනුවෙන් ඔවුන් සත්‍යක්‍රියාවක් කරමු කියාත් ලොකු හාමුදුරුවන් ලතාට පවසා සිටිනවා.

මේ වේලාවේ අනගි ඔහේ පාරේ ඇවිදිමින් ඇයට සිදු ව දේවල් ගැන මතක් කරමින් යද්දී එකපාරටම අදිත්‍ය විසින් ඔහුගේ අම්මා බව කියා අනගිගේ නිවසට එක්කගෙන ආ කාන්තාව දකින අනගි ඇය ළඟට දිවගොස් ඇය මොනවාද එතැන කරන්නේ කියාත් අදිත්‍ය කෝ කියාත් දිගින් දිගටම විමසද්දී ඇයව දැක බය වන එම කාන්තාව කිසිවක් කරකියා ගත නොහැකිව එකපාරටම ඇයව මඟ හැර පැන යන්ට උත්සහා කලද අනගි ඇය පසු පසින්ම පැමිනෙමින් අදිත්‍ය සිටින්නේ කොහේද කියා අසද්දි ඇගේ කරදරයෙන් බේරීමට නොහැකිව ඇය විසින් ඇගේ ගමේ සිටින පිරිසක් ගෙන්වා ඇයව ලණුවකින් ගැටගසා සිර කර තබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *