සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.අමීෂා ඉස්සරහට වී පත්තරයක් බලමින් සිටිද්දී ඇයව නොදැක්කා සේ මඟහැර යන්නට හදන රදීෂ්ට කතා කරන අමීෂා, ඔහුට එතැනට පැමිණ වාඩිවෙන්න කියාත් ඔහු සමඟින් ඇයට වැදගත් කාරණාවක් කතා කරන්නට තිබෙන බවත් පවසනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා කතා කරමින් සිටිනවා දැක එතැනට පැමිණෙන ඩිලාන් ඔවුන් ලොකු කතාවක නේද කියාත් ඔහු එතැනට සිටියාට කමක් නැතිද කියාත් නැතිනම් යන්නද කියාත් විමසද්දී ඔහු යන්නට අවශ්‍ය නැති බවත් ඔහුත් මෙතැනින් ඉඳගන්න කියා අමීෂා කියද්දී ඇය එසේ කතා කරන්නේ ඇයිද කියා සිතාගත නොහැකි වු රදීෂ් ඔහු අතින් කුමක් හෝ වරදක් වුවාද කියා ඇගෙන් විමසද්දී වැරද්දක් දැනට වුයේ නැති බවත් නමුත් එසේ වෙන එක වලක්වා ගන්නටයි ඇය මෙසේ කතා කරන්නේ කියා පවසනවා. ඉන්පසු ඔවුන් පසුගිය කාලයේ නුවර ගිහින් ප්‍රශ්න ඇති කරගත්තා නේද කියාත් එහි ප්‍රතිඵලය දැන් කුමක්ද කියාත් රදීෂ්ගෙන් අසද්දී ලිහිණි ඔහු සමඟින් කතා කර බව කියද්දී ඒ කියන්නේ ලිහිණි ඔහුව කසාද බඳින්න කැමති වුවාද කියා අමීෂා අමුතුවට මෙන් අසද්දී එසේ ඇය කිවේ නැති බවත් නමුත් කවදාහරි කසාද බදින්න තමයි කියාත් රදීෂ් පවසනවා.ඒ වේලාවේ ඔහු කිසිම තේරුමක් නැති දෙයක් වෙනුවෙන් ඔහුගේ ජිවිතය , කාලය සියළු දේ කැප කරනවා කියාත් මේ ගැන දැන්වත් රදීෂ්ට වැඩක් වෙන්නේ නැති බව තේරුම් කර දෙන්න කියා ඩිලාන්ගෙන් අමීෂා ඉල්ලා සිටිනවා.

මෙ වේලාවේ අක්ෂාගේ සහ අනුහස්ගේ ප්‍රශ්නය ගැන සිතමින් අවුලින් සිටින උදේනි ආනන්දව සොයා ඔහුගේ ගරාජයට පැමිණ හඩමින් ඇගේ හිතට හරි නැති බවත් අක්ෂාගේ රිපොර්ට්ස් ගැන කියන කතා ඇයට ගෙදර අහගෙන ඉන්නට බැරි බවත් අනුහස් ඒ ගැන කිය කිය හොඳටම ඇය ඉදිරියේ හැඩු බවත් කියද්දී ඇය අනුහස්ට මේ ගැන ඔවුන් පොඩ්ඩ පොඩ්ඩ මුල සිටම දැනගෙන සිටි බවත් අනුහස්ට කිවේ නැතිද කියා ආනන්ද අසද්දී ඇය එය කිව්වු කියා වැඩක් නැති බවත් තමන් ආදරය කරන කෙනාට මෙවැනි අසනීපයක් තිබෙනවා කියා දැනගත් විට එය කෙසේද ඔහු දරාගන්නේ කියාත් උදේනි කියමින් අනුහස් මෙසේ දුක් විදිනවා ඇයට බලා සිටිය නොහැකි බවත් කියද්දී ඔවුන්ට මෙසේ කලබල වෙන්න එපා කියාත් ඔපරේෂන් එකෙන් පසු බලාපොරොත්තුවක් තියාගන්නට පුළුවන් බව දොස්තර කිවානේ කියාත් කියමින් ආනන්ද උදේනිගෙ හිත හදන්නට උත්සහා ගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *