සතියේ දින පහේම රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.රාත්‍රියේ සරා හා යහළුවන් වැඩ කරමින් සිටිනවා.එතැනට සිටි කවඩියා හට ගීතිකා ගැන කියමින් ඔවුන් විහිළු කරනවා.සරා හා කවඩියා කලායතනයට යන්නේ කුමක්හෝ යටි අරමුණකින් බව කිරි පුතා පවසා ඔවුන් එය දන්නා බවත් පවසනවා.ඉන්පසු කිසිදු යටි අරමුණක් නැති බවත් කලායතනයට ගිය විට ඔහුට සතුටක් බවත් පවසනවා.මේ අතර රාත්‍රියේ සුරංග හා ආසිරි සරාගේ පොල්ලෙලි මඩුව වෙත පැමිණෙනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා කුමක් හෝ කිරීමට සුදානම් වනවා.පසුදින උදෑසන මාස්ටර්ගේ නිවසට කලායතනයේ දරුවන් තරඟය සඳහා යාමට පැමිණෙනවා.ඉන්පසු සියලු දෙනාම පන්සල වෙතපිටත් වනවා.මුදලාලි කඩයට පැමිණෙන විට මාලන් කඩයට වී නිදා සිටිනවා.එය දකින මුදලාලි ඔහු නිදා සිටින්නේ ඇයිදැයි විමසනවා.තමා කඩයට වී සිටින විට ඔහු නින්දගිය බවත් කිසිවෙකු හෝ පුද්ගලයෙකු කඩයේ සිටින බව දුටු බවත් පවසනවා.කලායතනයේ දරුවන් පන්සලට පැමිණ යාමට සුදානම් වනවා.ඉන්පසු එතැනට පැමිනෙන මාස්ටර් හට සුරංග සරා පැමිණියේ නැති බව පවසනවා.

මාස්ටර් වෙත පැමිනෙන පාඨලී සරාව බැලීමට යාමට සිදුවේද කියා විමසනවා.ඔවුන් සිටින තැනට පන්සලේ ලොකු හාමුදුරුවන්ද පැමිණෙනවා.ඉන්පසු සරා තවම නැති බව ඔවුන් හාමුදුරුවන් හට ද පවසනවා.පසුදින උදෑසන කඩය අසලට පැමිණෙන සිරිසේන හටද මුදලාලි මාලන් පුද්ගලයෙකු දුටු බවත් පවසනවා.මාලන් දැක ඇත්තේ හොල්මනක් බව මාලන් පවසනවා.සරා හා කවඩියා තරඟයට යාමට සුදානම් වනවා මේ අතර ඔවුන් සියලු දෙනාට බඩේ අමාරුවක් සෑදි ඇති බව පවසනවා.ඉන්පසු සරා සොයා පැමිණෙන සුරංග හා රාලහාමි හට සිදුව ඇති දේ පවසනවා.තරඟය සඳහා යාමට සරා හැදුවද ඔවුන්ගේ බඩ රිදෙන්නට ගන්නවා.ඉන්පසු සුරංග හා රාලහාමි එතැනින් පිටව යනවා.මාස්ටර් වෙත පැමිනෙන සුරංග ඔවුන් හට සිදු වු දේ පවසනවා.ඉන්පසු මාස්ටර්ද රාලහාමි සමඟ සරා සිටි තැනට යනවා.සරා හා කවඩියා සෙමින් පාරේ පැමිණෙනවා.තමාට තවමත් අමාරු බව පවසා කවඩියා නැවත මඩුවට යනවා.සරා ඉදිරියට මාස්ටර් පැමිණෙනවා.තමාට සිදුව ඇතිදේ මාස්ටර් හට සරා පවසනවා.ඉන්පසු සරාද අමාරු වී එතැනින් පිටව යනවා.මාස්ටර් නැවත පන්සලට පැමිණෙනවා.

ඉන්පසු ඔවුන්ට පරක්කු වන ලෙස පවසා සියලු දෙනාට පිටත් වන ලෙස පවසනවා.මේ අතර පන්සලේ පොඩි හාමුදුරුවන් සරාගේ පොල්ලෙලි වාඩියට වඩිනවා.සරා හට බෙහෙත් ගැනීමට යන ලෙස හාමුදුරුවන් පවසනවා.මේ අතර මුදලාලි වෙත පැමිණෙන දියෝගබදු හා ඔහුගේ ගෝලයන් සරා කරන පොල්ලෙලි ව්‍යාපාරය ගැන පවසනවා.ඉන්පසු මුදලාලිද එම ව්‍යාපාරය කිරීමට සුදානම් වනවා.මේ අතර සරා රාත්‍රියේ ආහාරයට ගත් ව්‍යංජන කිරි පුතා පරික්ෂා කරමින් සිටිනවා.කවුරුන්හෝ කෑම වලට මොනා හරි දමා ඇති බව ඔවුන් සැක කරනවා.ඉන්පසු කිරිපුතා හට කුමක් හෝ බෙහෙතක් හමු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *