සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.පසුගියදා සිදුව දේ නිසා ඊෂා ප්‍රෙස් එකට පැමිණ එළියේ පැත්තකට වී කල්පනා කරමින් සිටිනවා දකින විශාල් ඇයව දැක ඇය ළඟට පැමිණ ඇයට කතා කරමින් අය තවම ඔහු සමඟින් තරහින්ද සිටින්නේ කියා විමසනවා. ඒ අවස්ථාවේ ඇය තරහ නැති බව පවසද්දී එසේ නම් ඔහු ගන්නා ඇමතුම් වලට ඇය පිළිතුරු නොදෙන්නේ ඇයිද කියාත් අසද්දී ඔහුට ඇයව කරදරයක් වෙයි කියා සිතා ඇය කතා කලේ නැති බව ඊෂා පවසද්දී අචිනි ගැන ඇයට මීට පෙර ඔහු කියුවේ නැති එක වරදක් කියා ඔහු දන්නා බවත් නමුත් ඔහු එ ගැන කියන්නට හිටිය නමුත් එය මඟහැරි ගිය බවත් විශාල් පවසමින් අචිනි කියන්නේ ඔහුගේ තාත්තාගේ හොඳම යළුවාගේ දුව බවත් ඔහු ඇයට ඔහුගේ කැම්පෙන් එක සම්පුර්ණයෙන්ම කරගෙන යන්නට බාර දී ඇති බවත් කියමින් ඊෂාට සිදු වු දේ ගැන තේරුම් කර දෙන්නට උත්සහා කරනවා. ඔය අවස්ථාවේ ඔවුන් මෙලෙස කතා කරමින් සිටිනවා අහම්බයෙන් වගේ අගස්ති දැක ඔවුන් දෙස මඳ වේලාවක් බලා හිඳිමින් කුමක් හෝ දෙයක් කල්පනා කරනවා.

ප්‍රෙස් එක අතරතුරේ එහි සිටින අගස්ති හොඳින් දන්නා කියා අගස්තිට විවිධ තර්ජන එල්ල කරන මාධ්‍යවේදීයෙක් වන ලලිත් අගස්ති ඉදිරියට පැමිණ ඔහුට අගස්තිගෙන් ප්‍රශ්නයක් අසන්නට තිබෙන බව කියමින් එතැන සිටින තරු වලින් ඔහු වඩාත් කැමති කාටද කියා අසනවා. මේ අවස්ථාවේ මඳ වේලාවක් කල්පනා කරන අගස්ති, ඔහුට එතැන සිටින කිසිකෙනෙකු විශේෂ නැති බවත් හැමෝම එක වගේ බවත් පවසද්දී ඊෂා ඔහුගේ මුහුණ දෙස බලා ඉන්නවාත් සමඟම අගස්ති එතකොට ඔහුගේ ගම වන නුවරඑළියට වැඩි විශේෂයක් දක්වන්නේ නැතිද කියා විමසද්දී එසේ ගමට අදිනවා නම් මෙතැන තිදෙනෙක් සිටින බවත් එහෙයින් ඔහු එසේ කරන්නේ නැති බව අගස්ති පවසනවා. ඔය අතරේ තවත් මාධ්‍යවේදියකු ඔවුන්ගේ කතාව මැදට එක්වෙමින් ඔහු සහ ඊෂා එක්ව ගායන ගීතයක් අනාගතයේදී දැකගන්නට පුළුවන් වෙයිද කියා විමසද්දී එම ප්‍රහ්නයට උත්තරය ඇය ලබා දෙන්නම් කියන ඊෂා, අගස්තිගේම ගීතයකින් දකින්නට පුළුවන් බව ඇය පවසනවාත් සමඟම සියළුදෙනා පුදුම වී මෙන් ඇය දෙස බලා සිටිනවා. ඒ අවස්ථාවේ අගස්ති සහ ඊෂා දෙදෙනාම මුහුණට මුහුණ බලාගෙන සිටිනවා.

ප්‍රෙස් එක ඉවරවෙනවාත් සමඟම වොෂ්රුම් එකට යන අගස්ති විශාල් එතැන සිටිනවා දැක ඔහුට කතා කරමින් පෙරදිනයකදී විශාල් සමඟින් හෝටලයට පැමිණි ගැහැණු ළමයා එදිනත් ප්‍රෙස් එකට ඇවත් ඉන්නවා නේද කියා විමසද්දී බයෙන් මෙන් ඊට උත්තර දෙන විශාල් ඒ ඔහුගේ කැම්පෙන් මැනේජර් බව පවසනවා.ඉන්පසු එය අසා අගස්ති විශාල්ගේ උරහිසට තට්ටු කරමින් ඔහුට කැම්පෙන් මැනේජර් කෙනෙකුත් සිටිනවාද කියා අසමින් ඔහුටවත් කවම එසේ මැනේජර් කෙනෙක් නැති බව අමුතුවට පවසනවා. ඒ මොහොතේ අගස්ති යළිත් ඇය ඔහුගේ කැම්පෙන් මැනේජර් විතරද කියා අමුතුවට විමසද්දී අගස්ති ඒ ප්‍රශ්නය අහපු විදිය ඇල්ලුවේ නැති විශාල් ඇය ඔහුගේ තාත්තාගේ හොඳම යළුවාගේ දුව බවත් පවසද්දි එසේ නම් ඇය ඔහුගේ නිකන්ම කැම්පෙන් මැනේජර් පමණක් වෙනකක් නැති බව අගස්ති කියමින් විශාල් ඊෂා සමඟ මුහුදු වෙරළේ සිටිනවා ඔහු දුටු බව අගස්ති කියද්දී කරකියා ගන්නට දෙයක් නැති වුන විශාල් ඊෂා අවුලකින් සිටි හෙයින් ඔහු එසේ ඇය ළඟට කතා කරන්නට ගිය බවට බොරු ගොතමින් කියද්දී ඔහු රයිසින් ස්ටාර්ස් තරඟෙය් සිටින ගැහැනු ළමයින්ගේ දුක අසනවාද කියා ඔහු දෙස අමුතුවට බලමින් විමසද්දී එසේ නැති බවත් ඇය ඔහු සමඟින් එකතු නිසා ඇය ඕනැම දෙයක් කියන්නේ ඔහු සමඟින් බවත් විශාල් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *