සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.රයිසින් ස්ටාර්ස් ඊළඟ වටය සඳහා වින්ශ්ච දීමට සූදානම් ව සිටින වින්ඩි , මේකප් රූම් එකට පැමිණෙනවාත් සමඟම දැන් අගස්තිගේ තත්ත්වය කෙසේද කියා වින්ඩිගෙන් විමසනවා.ඒ වේලාවේ දැන් ඔහුගේ අවුලක් නැති බවත් අගස්ති ඇගෙන් සමාව ලබාගත් බවත් අගස්ති කියන්නේ එම සිදුවීම බොරුවක් කියා බවත් වින්ඩි පවසනවා. ඒ වේලාවේ වින්ඩිට නොන්ඩියට සිනාවක් දාන වජිරා, ඇය කිසිදින අගස්තිව අත්හරින්නේ නැති බව දන්නා බව පවසනවාත් එක්කම වින්ඩිත් ඔහුට ලෙහෙසියෙන් ඇගෙන් ගැලවෙන්නට බැරි බවත් ඔහුට ඇයත් සමගින් ජිවිත කාලයම එකට ඉන්න වෙන බවත් පවසමින් වින්ඩි එතැනින් පිටව යනවා.. මේ වේලාවේ අසනීප තත්ත්වයේ සිට වේදිකාවට රොද පුටුවෙන් පැමිණෙන විශාල්ව දකින අලී, උඳුල්ගේ ආච්චිට කතා කරමින් විශාල් සිංදු කියන්නට යන බව පවසනවා. මේ වේලාවේ එතැන සිටින විපුල ඔහුගේ ඔහු විශාල්ව හඳුනනවාද කියා විමසද්දී ඔවුන් ඔහුව දන්නා බවත් නුවරඑළියෙ පැමිණ පිහි පහරක් කා ගියේ බවත් අලී පවසමින් එ සිදු වු සිදු වීම ගැනත් විපුල සමඟින් අලී පවසා සිටිනවා.

මේ අතර ආ ගිය තොරතුරු ගැන සමාධි සමඟින් නිලු කතා කරමින් සිටින අතරතුරේ නිලුට හිතන්නේ නැති විදියට එකපාරටම අගස්ති දුරකථන ඇමතුමක් ලබා ගන්නා බව සමාධිට පවසනවාත් එකක්ම ඔහු එලෙස එකපාරටම කතා කරන්නේ ඇයිද කියා නිලුගෙන් විමසනවා. ඉන්පසු නිලු සමහරක් විට අගස්තිගේ හිත වෙනස් වී ඇතිද දන්නේ නැ කියමින් දුරකථනයට පිළිතුරු දෙනවා. ඒ වේලාවේ ඇයට ඒ වේලාවේ කතා කරනන්ට පුළුවන්ද කියා අසමින් ඔහු කතා කලේ පෙරදින ඔහුව හමුවන්නට ඇය පැමිණ කියු දේ ගැන යමක් කියන්න බව පවසමින් ඔවුන්ගේ ඒ කාලේ තිබු යාළුකම ගැන සිතා හෝ යළිත් ඔහුට එදින කියු බොරුව කියන්නට එපා කියා අගස්ති ඇගෙන් ඉල්ලා සිටිනවා. මේ විදියට ඔහු දිගින් දිගටම යළිත් ඒ කතාව කිසිකෙනකු සමඟින් කියන්නට එපා කියාත් අගස්ති ඉල්ලා සිටිනවා. මේ වේලාවේ නිලු අගස්ති කතා කරන්නට ඇත්තේ වරද තේරුම් ගෙන කියා සිතුවත් ඔහු එ කියනා දේ අසා නිලු කෝපයෙන් ඇය එදින කියු කිසිදු දෙයක් බොරුවක් නොවන බවත් ඔහු පිළිගත්තා හෝ නැතා එය තමයි ඇත්ත බවත් නිලු පවසද්දී අගස්ති නිලුට සමාධිට අවශ්‍ය කරන්නේ මුදල් නම් ඔහු ඕනෑතරම් මුදල් ඇයට ලබා දෙන්නම් කියා ඇයට කියන්න කියාත් පවසනවා. ඉන්පසු ඔහු කියනා දේවල් ඉවසා ගත නොහැකි වුන නිලු , ඊෂාටවත් සමාධිටවත් ඔහුගේ මුදල් අවශ්‍ය නැති බවත් ඇයට කියන්න ඕන කරේ ඊෂා කියන්නේ ඔහුගේ දුව පමණක් බවත් කියා අගස්තිට බැන වදිමින් නිලු දුරකථනය තියනවා.

මේ වේලාවේ ශානිකා පැත්තකට වී කල්පනා කරමින් සිටින තැනට පැමිණෙන විශාල්, දැන්වත් ඔහුට විපුලගේ ප්‍රශ්නය ගැන ඇත්ත කියන්න කියා ඉල්ලා සිටිද්දී ප්‍රශ්නයක් සිදු වනු බව ඇත්ත බවත් නමුත් එය දැන් ඔහුට වැඩක් නැති බවත් ශානිකා පවසද්දී ඔහුට එය වැඩක් නැත්තේ ඇයිද අසමින් ඔහු ඔහුගේ තාත්තා බවත් එහෙයින් ඔහුට කුමක්ද සිදු වුයේ කියා දැනගැනීමට අව්‍යශ බවත් පවසනවා. ඉන්පසු ඔහු දැඩි ඉල්ලීම මත විපුල ඔවුන් බොරු කල බව ශානිකා පවසමින් විපුලට නුවරඑළියේ තවත් පවුලක් සිටින බව ශානිකා පවසමින් නුවරඑළියේ ඔහුට ලොකු පුතකුත් සිටින බව ශානිකා ඉතා වේදනාවෙන් පවසද්දී විශාල්ට ඇය කියනා දේවල් අදහගත නොහැකිව සිටිනවා.ඒ අවස්ථාවේ ඇය කේසේද එ්වා ගැන දැනගත්තේ කියා විශාල් අසද්දී ඔහු රෝහල් ගත වී සිටින කාලයේදී ඒ සියළු දේ ඇය විසින් සොයාගත් බව ශානිකා පවසනවා. ඇය කියනා දේවල් දරාගන්නට බැරි වුන විශාල් ඔහු කිසිදින විපුල මෙලෙස ඔවුන්ට බොරුවක් කරයි කියා සිතුවේ නැති බව පවසද්දී ඇයටත් ඒ සියළු දේ හීනයක් වගේ බවත් එ කෙසේ වෙතත් ඔවුන්ට යළි කිසිදින ඔහුව අවශ්‍ය නැති බවත් ශානිකා පවසද්දී ඔහු දිගින් දිගටම එම පවුලේ අය ගැන විස්තර අසද්දී යළිත් ඒ දේවල් ගැන කතා කිරීමට අවශ්‍ය නැති බව ශානිකා පවසනවා.

මේ වේලාවේ වින්ඩිව මුණගැසෙන්නට පැමිණෙන මනීෂා ඇයට දැන් තිබෙන ප්‍රශ්නය කුමක්ද කියා විමසනවා. ඒ වේලාවේ ඇය මනීෂා එන්නට කිවේ අගස්ති ගැන කතා කරන්නට බව වින්ඩි පවසමින් ඇය සිතන්නේ සියළු ප්‍රශ්න විසඳුනා කියාද කියා මනීෂාගෙන් අසනවා.ඒ වේලාවේ ඇය කියනා දේ තේරෙන්නේ නැති බවත් එදින ඔවුන් දෙදෙනා සියළුදේ විසඳගෙන ආදරනේ ගිය බවත් දැන් යළි එකපාරටම කුමක්ද සිදු වුණේ කියාත් මනීෂා අසනවා.ඒ වේලාවේ ඔහු තවම ඇයව අඳුරගත්තේ නැති බවත් ඔහු සිතාගෙන ඇත්තේ ඔහු කියු හැම බොරුවක්ම ඇය අසාගෙන ඉඳලා ඒවා පිළිගන්නට ඇති කියා ඔහු හිතුවත් ඇය එතරම් මෝඩ නැති බවත් වින්ඩි පවසද්දී ඇය එදින අගස්ති සමඟින් යාළු වුනේ ඇය බොරුවටද කියා මනීෂා විමසනවා.ඒ වේලාවේ ඔහු එක් වරදක් ඇයට කරනවා නම් ඇය ඊට එහා යනවා කියා විනඩි පවසද්දී ඇය කියන කිසිදෙයක් ගැන හිතාගන්නට බැරි මනීෂා ඇය කියන දේ අසාගෙන සිටිනවා.ඉන්පසු වින්ඩි අගස්ති මේ දවස් ටිකේ අවුලකින් සිටින බවත් ඔහු ඇයට හංගන කුමක් හෝ දෙයක් තිබෙන බවත් පවසමින් ඇයට එ කුමක්ද කියා සොයා ගන්නට අවශ්‍ය බව වින්ඩි සමඟින් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *