සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ පූජාගේ සැලසුමට අනුව ක්‍රියාත්මක වන බනුර කිරුළුගේ නිවට ත්‍රිවිලරයකින් පැමිණ ඇය නිවසේ මිදුල අතුගාන දෙස බලා සිටිද්දී අහම්බයෙන් වාගේ ඔහුව දකින කුරුළු පුදුමයට පත්ව බය වී ඇය දකිනා දේ අදහාගත නොහැකිව සුභද්‍රාට කෑගසනවා.ඉන්පසු ඇගේ කැගැසීම ඇසී එතැනට දිව එන රෙෂ්මාත් ,සුභද්‍රාත් බනුරව දකිනවාත් සමඟම සුභද්‍රා සිහි නැති වී බිම ඇඳ වටෙනවා.ඉතිං ඉන්පසු ඔවුන්ගේ නිවස ඇතුළට පැමිණෙන බනුර දෙස බලන සුභද්‍රා ඔහුට මලින්ද කියා කතා කරමින් ඔහු කවුද කියා යළිත් විමසනවා. ඒ අවස්ථාවේ පූජා කියු පරිදි බනුර රඟපාමින් ඔහු මලින්ද බව සුභද්‍රාටත්, රෙෂ්ටමත්, කුරුළුටත් ඔප්පු කරන්නට උත්සහා කරනවා. මේ වේලාවේ ඔහු මැරුණේ නැති බවත් ඔහුට සිදු වු දේවල් ගැනත් බොරු කියමින් ඔවුන්ගේ විශ්වාසය දිනගන්නට උත්සහා කලද එය එතරම් ලෙසි වුයේ නැහැ. ඉතිං ඉන්පසු ඔවුන් සමඟින් කතා කර යළිත් එළියට පැමිණෙන බනුර පූජාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහු කුරුළුගේ නිවසට ගිය බවත් ඇය කියු ලෙසම ඔහු වැඩේ කල බවත් පවසා සිටිනවා.

මේ වේලාවේ සිදුවු දේ ගැන කල්පනා කරමින් සිටින සුභද්‍රා ළඟට පැමිණෙන කුරුළුත් රෙෂ්මාත්,එ පැමිණි පුද්ගලයා කවුරුන්ද යන්න සොයා බැලිය යුතු බව පවසද්දී ඒ පැමිණියේ මලින්ද කියා විශ්වාස නොකරන සුභද්‍රා එය කගේ හෝ විහිළුවක් බවත් එ මලින්ද වෙන්නට බැරි බවත් කියමින් මලින්ද සිටින්නේ යළිත් එන්න පුළුවන් තැනක නොවන බවත් පවසද්දී එය එසේ වුවත් ඔහු කියු දේවල් ඇයට දැනුන බවත් වෙන්නට බැරි දේවල් ලොකේ සිදුවන බවත් කියමින් ඒ සිටින්නේ මලින්ද කියා ඇයට දැනුන බව කුරුළු පවසා සිටිනවා. ඉතිං ඔවුන් මෙසේ කතා කරමින් ඉන්න අවසථාවේ කුරුළුගේ නිවසට දුරකථන ඇමතුමක් ලබා ගන්නා බනුර, ඔහුව දැක සුභද්‍රා සිහි නැති වී වැටෙනවා දුටු හෙයින් ඇයට කොහොමද කියා සොයා බලන්නට මෙසේ ඇමතුමක් ලබා ගත් බව පවසනවා. ඒ අවස්ථාවේත් ඔහු බොරුවට රඏපාමින් ඔහු මෙසේ පැමිණියේ ඇයව බලන්නට බවත් ඔහුට ඇයව නොබලා ඉන්නට බැරි වුන බවත් පවසනවාත් සමඟම එතැනට පැමිණෙන සුභද්‍රා කුරුළුගෙන් දුරකථනය උඳුරා ගනිමින් ඔහුට කිසිවක් නොකියාම දුරකතනය විසන්ධි කරනවා.නමුත් මේ වේලාවේදී නම් කුරුළුට ඔහු කතා කර දේවල්ත් සමඟ ඔහු ගැන ඇගේ හිතේ විශ්වාසයත් ඇති වෙමින් තමයි තිබෙන්නේ. ඉන්පසු කුරුළු සහ රෙෂ්මා ඒ මලින්ද කියා සුභද්‍රාගේ හිතේ විශ්වාසය ඇති කරන්නට උත්සහා කලද සුභද්‍රා ඔවුන් කියු දේවල් ගැන නොහිතා ඔවුන් ඒ සිටින්නේ මලින්දමයි කියා සිතන්නේ ඔහුගේ රූපය නිසා බවත් නමුත් ඒ සිටින්නේ මලින්ද නොවන බවත් සුභද්‍රා දිගින් දිගටම ඔවුන්ට තේරුම් කර දෙන්නට උත්සහා ගන්නවා.

මේ වේලාවේ අමායාව මුණගැසෙන්නට පැමිණෙන අභිමන් , ඔහුගේ තාත්තා වන ලොයිඩ් මෙතරම් කාලයක් ඔහු ගැන බලා තිබෙන්නේ වැරදි ඇසකින් බවත් ඔහු ලොකු වරදක් කර තිබෙන බවත් පවසනවා. ඒ වේලාවේ ඔහු කරපු වැරද්ද කුමක්ද කියා අමායා විමසද්දී, පළවෙනි දේ ඔහු ඔහුගේ පුතාව තේරුම් ගත්තේ නැති බවත් දෙවැන්න ඔහුගේ පුද්ගලික විස්තර ඇයත් සමඟින් කතා කල එක බවත් අභිමන් පවසද්දී පහුගිය දිනයක් ඔහුගේ කම්පැනියේ ඇති වු ප්‍රශ්නයේදී ඇය ඔහුව අසරණ කලේ නැති බවත් එමෙන්ම ඔහු මේ ප්‍රශ්නයේදීත් ඇය ඔහු අසරණ කරන්නේ නැති බවත් අමායා පවසද්දී ඔහු කාගෙන්වත් අනුකම්පාවත් බලාපොරොත්තු වන්නේ නැති බවත් ඔහු විඳින් වේදනවාට කිසිකෙනකු ළඟ බෙහෙත් නැති බවත් පවසද්දී ඇයට ඔහුගේ වේදනාව හොඳින්ම තෙරේන බවත් ඔහු කුරුළුට එතරම් ආදරය කරලාත් ඔහුට අන්තිමේදී ලැබුනේ ඇගෙන් වේදනවාත් පමණක් බවත් ඔහුට පැහැදිලි කර දෙන්නට අමායා උත්සහා ගන්නවා. ඉන්පසු අභිමන්, ඔහු හිත හදගන්නට උත්සහා කරද්දී යළිත් ඔහුට කුරුළුගේ මතකය ඇවිත් වද දෙන බවත් ඔහුට එයින් ගැලවෙන්නේ කෙසේද කියා තෙරෙන්නේ නැති බවත් අභිමන් වේදනාවෙන් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *