සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා. අගස්ති සමඟින් එළියට පැමිණෙන වින්ඩි අගස්තිගෙන් මනීෂා ඇගෙන් ඔවුන්ගේ විවාහය ගැන කිසි කතාවක් නැත්තේ ඇයිද කියා විමසු බවත් ඇය එසේ ඇසුවේ ඔවුන්ගේ විවිහාය ගැන මිඩියා එකේ පවා ගිහින් තිබෙන නිසා බවත් වින්ඩි පවසද්දි ඇය එසේ විමසද්දී ඇය මොනවාද කිවේ කියා අසනවා. ඒ වේලාවේ ඔවුන්ගේ විවාහය ඉක්මනින්ම සිදු කරනා බව ඇය මනීෂාට කියු බවත් එ වගේම ඇත්තටම ඔවුන් එය ඉක්මනින්ම සිදු කල යුතු බවත් වින්ඩි අගස්තිට කියමින් ඇයට පෙරදින ඊෂාගේ අම්මා වන සමාධිව මුණගැසුන බවත් පවසද්දී ඒ වේලාවේ සමාධි ඇයට මොනවාද කිවේ කියා විමසනවා. සමාධිට ඒ වේලාවේ ඇය ඊෂාව පරිස්සම් කරගන්න කියා පවසද්දී ඇය විවිධ දේවල් වින්ඩට කියු බවත් ඊෂා දිගටම සින්දු කියනා බවත් එය කටවත් නතර කරන්නට බැරි බවත් කියු බවත් වින්ඩි පවසනවා.ඉතිං ඒ වේලාවෙ එත් එක්කම ඇගෙන් යමක් ඔශුට අහන්න තිබෙන බව පවසමින් ඇයට පත්තරකාරයාව හමුවුවාද කියා විමසනවා ඒ වේලාවේ කිසිවක් නොදන්නා ගානට වින්ඩි මොන පත්තරකාරයා ගැනද අසන්නේ කියා අගස්තිගෙන් විමසනවා.

පසුදින සවස කෑම ගන්නට එළියට අගස්ති වින්ඩි සමඟින් පැමිණ කතා කරමින් සිටින අවස්ථාවේ එතැනට අහම්බනයෙන් පැමිණෙන විශාල්ව දකින වින්ඩි අගස්තිට විශාල්ව පෙන්වමින් ඔහු පැමිණ ඇත්තේ ගැහැණු ළමයෙකුත් සමඟින් බව කියනවා. ඉන්පසු වින්ඩි කියු දේ පිළිබඳවත් විශාල් දෙසත් මඳ වේලාවක් බලා සිටිමින් කල්පනා කරන අගස්ති ඔහු සිටි තැනින් නැගිට විශාල්ට කතා කරමින් ඔහු කොහේ යන ගමන්ද කියා විමසනවා. ඒ වේලාවේ ඔහුගේ තරඟයේ වඩ කිහිපයකට ඔහු මෙලෙස පැමිණි බවත් කියමින් අචිනිව අගස්තිට හඳුන්වා දෙනවා. ඉන්පසු අගස්ති ඇයව හදුනා ගනිමින් ඉන්පසු විශාල්ට ඇයත් සමඟින් කෑම කන්න කියමින් යළිත් ඔහු සිටි තැනට පැමිණ වඩිවෙනවා. ඉන්පසු එතැනට පැමිණෙන අගස්තිගෙන් ඔහු කුමකටද ඔවුන් ළඟට ගියේ කියා අසමින් ඒ සිටින්නේ විශාල්ගේ කෙල්ලද කියා අමුතුවට අගස්තිගෙන් අසනවා. ඒ වේලාවේ ඒ සිටින්නේ විශාල්ගේ හොඳම යාළුවාගේ දුව බව අගස්ති පවසනවා. ඉතිං මේ වේලාවේ විශාල්ට වුන දේ ගැන සිතාගන්නට බැරිව බය වී සිටිනවා.

වත්තේ වැඩ කරමින් සිටින දුණුසිංහ ළඟට පැමිණෙන ඊෂා, ඇගේ තාත්තා නැතිවුන බවට ඔවුන් ඇයට බොරු කියමින් පිටරටදී නැතිවුන බව කියු පුද්ගලයා කවුරුන්ද කියා ඊෂා ඔහුගෙන් විමසනවා.ඒ අවස්ථාවේ ඇයට ඒවා දැන් වැඩක් නැති බවත් ඇත්ත කුමක්ද යන්න ඇය දැන් දන්නා හෙයින් ඒවා ගැන කතාතර වැඩක් නැති බව දුණුසිංහ පවසනවා. ඒ වේලාවේ නමුත් ඇගේ උප්පැන්නේ තිබෙන්නේ වෙන පුද්ගලයකුගේ නමක් හෙයින් ඇයට ඒ ගැන දැනගැනීමට අවශ්‍ය බව ඊෂා කියද්දී දිගින් දිගටම ඔහු කීවේ එම උප්පැන්නේ කුමන නමක් තිබුනද ඇගේ තාත්තා අගස්ති බව ඇය දන්නා හෙයින් ඒ ගැන තව තවත් ප්‍රශ්න අසන්නට එපා කියා දුනුසිංහ ඉල්ලා සිටිද්දී, ඔහු මේ සියළු දේ කරන්නේ ඇයට තිබෙන ආදරයට කියා දන්නා බවත් එහෙයින් ඇගේ කටින් ඔහුගේ හිත රිදෙනා කුමක් හෝ දෙයක් කියැවුනා නම් එයට සමාව දෙන ලෙසත් ඊෂා ඔහුගෙන් ඉල්ලා සිටිද්දී ඇය දෙස ආදරයෙන් බලන දුනුසිංහ , ඇයට මොන ප්‍රශ්න ආවත් ඇගේ සීයාතාත්තා ඇය ළඟින්ම හැමදාම ඉන්නා බවත් එ නිසා ඇය අලුතින් යන්නට පටන් ගත් ගමන ඉතා පරිස්සමින් සතුටින් යන්න කියාත් ඔහු පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *