සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ යළිත් අභිමන් සමඟින් ප්‍රශ්නයක් දාගෙන ඔහුගෙන් හොඳටම ගුටි කා අමාරුවෙන් නිවසට පැමිණෙන මාලන්ව දකින ඔහුගේ බිරිඳ වන මෙත්මා ඔහුට සිදුවුයේ කුමක්ද කියා කලබලයෙවන් මෙන් විමසද්දී අභිමන් ඔහු ජොගින් කරන තැන සිටි බවත් කියනවාත් සමඟම එය අසා තවත් කලබල වුන මෙත්ම ඔහුට එදිනත් පහර දුන්නාද කියා අසමින් ජනනාදට කෑගසා එතැනට අඬ ගසනවා.ඉන්පසු ඔහු මාලන්ව දැක ඔහුට කුමක්ද වුයේ කියා අසද්දී අභිමන් එදිනවත් ඔහුට අත ඉස්සු බව මාලන් පවසනවාත් සමඟම කෝපයට පත් වී සිටි මෙත්මා ඔවුන්ට ජනනාද කියන්නේ මෙවා වෙනවා තවදුරටත් බලන් ඉනන්ටද කියාත් කියද්දී එසේ හේතුවක් නැතිව අභිමන් පහර දෙන්නේ අභිමන්ට පිස්සු හැදිලාද කියා අසද්දී ඔහුට කොහොමත් පිස්සු බවත් ඔහු ජොගින් කරන තැන පැත්තකට වී සිටියදී අභිමන් එතැනට පැමිණි බවත් ඒ අවස්ථාවේ ඔහු සිතුවේ අභිමන් පසුගිය දින සිදු වු සිදුවීමට සමාව ගන්නට ආවා කියා බවත් නමුත් ඔහු එසේ නොකළ බවත් ඔහු කතා කර යන්නට හදනවාත් සමඟම මෙසේ ඔහුව බිම ඇඳ දැමු බවටත් බොරු ගොතමින් මාලන් පවසනවා.නමුත් මේ වේලාවේ මාලන් කියනා දේ පිළිබදව ජනනාදගේ හිතේ නම් තිබුණේ සැකයකි.

මේ වේලාවේ අභිමන් සමඟින් ඔහුගේ ඔෆිස් එකේ තිබු ෂුට් එක ඉවර කර නිදහසේ කතා කරන්නට එළියට පැමිණෙන කුරුළු ඔහුත් සමඟින් ඇගේ වැඩ පිළිබඳවත් ෆිල්ම් එක ගැනත් කතාබහ කරමින් සිටිනවා.ඉතිං මෙසේ කුරුළු සහ අභිමන් සතුටින් සිනාසෙමින් සිටිනවා අහම්බයෙන් මෙන් දකින අදිත්‍ය ඈත සිටි ඔවුන් දෙදෙනා කුමක්ද කරන්නේ කියා බලා සිටිනවා.ඒ වේලාවේ කුරුළු අදිත්‍ය විසින් කල මෝඩ වැඩක් ගැන රස කරමින් අභිමන් සමඟින් කියමින් සිටිනවාත් සමඟම අදිත්‍ය එකපාරට ඔවුන් ඉස්සරහට පැමිණ අමුතුවට හිනාවක් දාමින් ඔහු එතැනට කෑම කන්නට ආ බවත් එ වේලාවේදී ඔහු ලස්සන කුරුළු ජෝඩුවක් කතා කරමින් සිටිනවා දුටු බවත් කියද්දී ඔහු ආවේ මෙතැනට ලන්ච් එක ගන්නට ද කියාත් මෙහේ ලන්ච් නැනේ කියාත් අභිමන් පවසද්දී එය එසේද කියාත් ඔහු නම් ඒවා ගැන හරි හැටි නොදන්නා බවත් අභමන් නම් ඒ ගැන හොඳින්ම දන්නවා ඇති කියාත් මන්ද අභිමන් අමායා එක්ක නිතරම මෙහේ එනවා ඇතිනේ කියාත් අදිත්‍ය පවසනවාත් සමඟම කුරුළුගේ මුඩ් එක අවුල් වෙමින් අදිත්‍ය එසේ කියන්නේ ඇයිද කියා විමසනවා.ඒ වේලාවේ ඔහු එසේ කිවේ එ වගේ තැනට නිදහසේ ඇවිත් හුලන් වැදි වැදි කතා කරමින් සිටින්නට පුළුවන් නිසා බවත් වෙන හේතුවක් නිසා නොවන බවත් අදිත්‍ය පවසා සිටිනවා.මේ අවස්ථාවේ අදිත්‍ය කියනා දේවල් ඉවසා නොහැකි වී කුරුළු ඔහුගේ කතාව මැද්දට එමින් මිනිස්සුන්ට එවැනි බොරු කතා හදන්නට එපා කියා කුරුළු පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *