සෑම සතියේ දිනකම රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනියේ විකාශය වන පාරේ දිගේ ටෙලි නාට්‍ය මේ දින වල කා අතරත් ජනප්‍රිය ටෙලි නිර්මාණයකි.පසුගිය දින කීපයේ එහි සිදු වුදේ මෙලෙස විමසා බලමු.නානායක්කාරයේ ඇමතුමෙන් පසුව රුවනි හඩමින් සිටිනවා.එතැනට පැමිණෙන රෙහාන්ගේ අම්මා ඇය හඩන්නේ කුමක් නිසාද කියාත් විවාහය සඳහා යාමට පරක්කු වන බවත්පවසා ඉක්මන් කරන ලෙස කියනවා.තමා හට ටිකක් පාඩුවේ ඉන්න දෙන්න කියා රුවනි අම්මා හට එතැනින් යන ලෙස පවසනවා.ඉන්පසු කෝපයෙන් අම්මා එතැනින් පිටව යනවා.මේ අතර බන්ඩා හා ඔහුගේ මිතුරන් කීපදෙනෙක් හෝටලය වෙතපැමිණෙනවා.එහිදි මෙම විවාහය කඩාකප්පල් කිරීමට කවුරුන් හෝ පැමිණියහොත් එවුන් නවත්වන ලෙසත් නානායක්කා,රුක්ෂානා,ඩාලිං , සිකුරා හා ඩේමියන් ගැන පවසා ඔවුන් පැමිණියහොත් ගේට්ටු වලින් ඇතුලට එනවාද කියා විමසනවා.කෝපයෙන් ඩාලිං හා සිකුරා පැමිණෙනවා.ඔවුන් පසු පස බන්ඩාගේ යහළුවාද පැමිණෙනවා.

ඩාලිං සිකුරා කියන කිසිවක් නොඅසා නිවසට ගොස් දොරවසා ගන්නවා.රෙහාන්ගේ බොස් හා ඔෆිස් එකේ සියලු දෙනා හෝටල වෙත පැමිණෙනවා.සරණි ද මනමාලියක් වී පැමිණෙනවා.රෙහාන් හා රෙක්සිද ඉන් අනතුරුව පැමිණෙනවා.බන්ඩා හෝටලයෙන් පිටත සිට සියලු දේ විමර්ශණය කරමින් සිටිනවා.සරනි හා රෙහාන්ගේ චාරිත්‍ර සිදු කරනු ලබනවා.නානායක්කාර හට ඩේමියන් දුරකථන ඇමතුමක් ගන්නවා.ඉන්පසු නානායක්කාර රුවනි හට ඇමතුමක් ගෙන සියලු දේ පැවසු බවට පවසා ඔහු නානායක්කාර හමු වීමට නිවසට පැමිණෙන බව පවසා බැන වදිනවා.මේ අතර බානුකගේ සංගීත කණ්ඩායම රෙහාන් හා සරනි හට යුග ගීයක් කීමට ආරාධනාවක් කරනවා.නමුත් රෙහාන් එයට අකමැති වනවා.සරනිගේ බල කිරීම මත රෙහාන් පැමණ සිංදුවක් කියනවා.සියලු දේ අවසානයේ සරනි හා රෙහාන් පිටත් ව යනවා.ගැට ගසා සිටි රුක්ෂානා හා යහළුවාව මාටින් නිදහස් කරනවා.පසුදින නානායක්කාර සොයා ඩේමියන් පැමිණෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *