සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ ඊෂා ඊළඟ තරඟ වටය සඳහා මෙකප් රුම් එකට වී ලෑස්ති වෙමින් සිටියදී අහම්බයෙන් මෙන් ඊෂාව දකින විශාල් ඇය ළඟට පැමිණ කතා කරද්දී ඊෂා විශාල්ගේ අත් දෙකෙන් අල්ලා ගනිමින් ඔහු නේද ඊළඟට ගීතය කියන්නට ඉනනේ කියා අසමින් ලස්සනටම ගීතය ගායනා කරනන් කියා ඇය පවසද්දී ඇයත් එසේම කිසිදෙයක් ගැන නොසිතා එදින හොඳින්ම ගීතය ගායනා කරන්න කියා විශාල් ඇගෙන් ඉල්ලා සිටිනවා.මේ වේලාවේ ඊෂා ඊට හා කියමින් ඔහුගේ අවුල් වී තිබු කොණ්ඩය හරි ගස්වමින් ඉක්මනට යන්න කියාත් නැතිනම් පරක්කු වෙයි කියාත් පවසමින් ඔහුට කතා කරන්න ඉඩ නොදීම බලෙන්ම එතැනින් යවනවා.

විශාල් ගීතය ගායනා කර අවසන් වනවාත් සමඟම ඉන්පසුව සිටින තරඟකාරිනිය වන්නේ ඊෂායි. ඉතිං ඇය වේදිකාවට පැමිණ ගීතය ගායනා කරන අතරේ අචිනි යම්කිසි පුද්ගලයෙකුට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඊෂාට මඩ ගසා සමාජ මාධ්‍ය තුළ ශෙයා වු පෝස්ට් එක ඒ අවස්ථාවේ තවත් වැඩි වැඩියෙන් ශෙයා කරන්න කියා ඇය ඉල්ලා සිටිනවා. ඇය මෙලෙස කරන්නේ ඊෂාට ලැබෙන ප්‍රෙක්ෂක මනාපයන් අඩු කර ඇයව එදින තරඟයෙන් ඉවත් කරන්නට අවශ්‍ය නිසයි. ඉතිං ඇය ගීතය ගායනා කර අවසන් වනවාත් සමඟම විනිශ්ච මණ්ඩලයේ අදහස් කෙසේද කියා විමසමින් පළමුවවෙන්ම ඇගේ ගායනය ගැන අසා සිටින්නේ වජිරාගෙනුයි..වජිරා ඇගේ ගායනගේ හොඳ කතා කරද්දී වින්ඩි ඇගේ ගායනයේ සහ ඇය සිටින විදියේ වැරදි ගැන කියමින් ඇගේ වැරදි ගැන කියනවා. මේ අතරේ තේමීය අශාන්ට කතා කරමින් අගස්තිගේ අදහස ගැන විමසන්නට කලින් ඔහුව වේදිකාවට රැගෙනවිත් ඔහු සමඟින් ඊෂාට ගීතයක් ගායනා කරන්නට ඉඩ දෙන්න කියා පවසද්දී අශාන්ද එලෙසම කියමින් අගස්තිට වේදිකාවට ඊෂා සමඟින් ගීතයක් ගායනා කරන්න එන ලෙස ඉල්ලා සිටිනවා.මේ වේලාවේ ඔහුව වින්ඩි නවත්වන්නට හැදුවද අගස්ති එතැනින් නැගිට වේදිකාවට ගොස් ඇය සමඟින් ගීතය ගයනා කරනවා.

ඉන්පසු සියළු තරගකරුවන් ගී ගයා අවසන් වනවාත් සමඟම අශාන් වේදිකවාට ඔවුන්ව ගෙන්වමින් ප්‍රෙක්ෂක මනාපයන් කෙසේද යන්න ගැන සියළුදෙනාට කියමින් පළමුවෙන් තරගයෙන් ඉදිරියට යනු ලබන්නේ විශාල් බව පවසනවා. ඉන්පසු ඊෂා තවත් තරඟකරුවකු සමඟින් වේදිකාවේ රැදි සිටිනවා. ඒ තරඟයේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙනි. ඉතිං කෙසේ හෝ එදින තරඟ වටයෙන් ඉදිරියට යන්නට ඊෂාට වරම් ලැබෙනවා. ඉතිං මේ වේලාවේ එ සිදුවු දේ ඊෂාටත් සිතා ගන්නට බැරි වනවා. ඉන්පසු තරඟය ඉවරවනවාත් සමගම අගස්ති සමගින් කේන්තියෙන් එළියට පැමිණෙන වින්ඩි, ඔහු ඇරයට කරන්න තිබුණු ලොකුම ඩැමේජ් එක කල බව කියමින් ඊෂා සමඟින් කිසිදින සිංදු කියන්නට එපා කියා ඇය කියා තිබීයදීත් ඔහු මෙසේ කලේ ඇයිද කියාත් එයින් ඇයව ලැජ්ජාවට පත්වුන බවත් කියමින් අගස්ති සමගින් රණ්ඩු වනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *