සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා. මේ වේලාවේ ලිහිණි කොළඹ පැමිණ ඇති බව දැනගත් රදීෂ් එ වේලාවේම ඇයව හමුවන්නට බෝඩිමට පැමිණෙනවා. ඒ අවස්ථාවේ එලෙස පැමිණ ලිහිණිට කතා කරද්දී පවනි බෝඩිමෙන් එළියට පැමිණ ඔහු පරක්කු බව කියමින් ලිහිණිට ඉන්ටර්ව්වි එකක් තිබෙන හෙයින් ඇය උදෙන්ම ගිය බව රදීෂ්ට පවසනවා. එය අසා කේන්ති ගිය රදීෂ් ඔහු ආවේ ලිහිණිව හමුවන්නටම බවත් ඇය ඓලස යනවා නම් ඔහුව ඒ ගැන දැනුවත් කරන්නට තිබුණු බවත් රදීෂ් පවසද්දී ඔහුට කලබල වෙනනට එපා කියාත් ඇය ඉක්මනින්ම එයි කියාත් පවනි වටපිට බලමින් පවසමින් ඔහුටත් ගෙදර ගොස් යළි එන්න කියා පවසනවා. මේ වේලාවේ පවනිගේ හැසීරිම ගැන සැකයක් ඇති වුන රදීෂ් පුටුවේ වාඩිවෙමින් ඔහු කොහේවත් යන්නේ නැති බවත් ලිහිණි බෝඩිමේ සිටිනවා නම් එළියට එක්කගෙන එන්න කියාත් රදීෂ් පවසනවා.

එදිනම රාත්‍රියේ යළිත් ලිහිණි බෝඩිමේ ඇතැයි සිතා ඇයව මුණගැසෙන්නට පැමිණෙන රදීෂ්ව දකින ලිහිණි ඔහුව නොදැක්කා සේ ගනන් නොගෙන ඇගේ වැඩක් කරමින් ඉද්දී ඔහු ඇයට කතා කරමින් ඇයගේ අතේ තිබු ෆයිල් කවරය උඳුරා ගනිමින ඔහු ඇය ළඟට පැමිණියා දැක්කේ නැති ද කියා ලිහිණිගෙන් විමසනවා. ඉන්පසු ලිහිණි ඇය එම වැඩේ අවසන් කර ඔහුට කතා කරන්නට සිටියේ කියා පවසද්දී ඇයට ඔහුට සලකන්නේ එලෙසයි නේද කියා අසමින් මෙය හොඳටම ඇති කියාත් ඔහුටත් මේවා එපා වෙලා තියෙන්නේ කියාත් පවසද්දී ඔහුව ගන්න නොගන්න ලිහිණි එපා වෙලා නම් පස්සෙන් එන්නේ ඇයිද කියාත් ඔහුගේ වැඩක කරගෙන ඉන්න කියාත් ලිහිණි පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *