සෑම සතියේ දිනකම රාත්‍රි 9.00ට ස්වර්ණවාහිනියේ විකාශය වන නාඩගම්කාරයො ටෙලි නාට්‍යමේ දින වල මෙසේ ගලා යනවා.මන්ත්‍රිතුමා කුකුළා මුදලාලි හමුවීමට නිවසේ සිටින බව පිටතට ගොස් පැමිණෙන මුදලාලි දකිනවා.හිරෙන් නිදහස් වී නිවසට පැමිණි බව දැනගත් වහාම ඔහු පැමිණි බව පවසනවා.තමා දේශපාලනයට අවතීර්ණ වන ලෙස මන්ත්‍රි පවසනවා.ඉන්පසු එතැනට එන කුකුළා මුදලාලිගේ බිරිඳ සොමේ එතැනට පැමිණ කිසි දිනක මුදලාලි දේශපාලනයට අවතීර්ණ නොවන බව පවසා මන්ත්‍රි හට ඇය බැන වදිනවා.මේ අතර කලායතනයෙහි ළමුන් තරඟයට යාමට සුදානම් වනවා.පාරේ සරා තනිනව සිංදු කියමින් ගමන් කරමින් සිටිනවා.ඔහු පැමිණෙන විට ඔහුගේ පිටුපසින් පාඨලි ගීතිකා හා අංජලි පැමිණෙනවා.ඉන්පසු සරා සමඟ පාඨලි කතා කරමින් පැමිණෙනවා.තමා සමඟ මඩුවට එන ලෙස සරා ඔවුන් තිදෙනාට කතා කරනවා. නමුත් අංජලි එයට අකමැති වනවා.පාඨලි අත ඇති සර්පිනාව රැගෙන සරා එතැනින් පිට වනවා.තමා නිවසට ගොස් අම්මාට සියලු දෙ කියන බව පවසා එතැනින් අංජලි පිටව යනවා.පාඨලි ගීතිකා සරා හා කවඩියා සමඟ මඩුවට යනවා.මඩුව වෙත යන පාඨලි හා ගීතිකා හට ඔවුන් ගේ වැඩ දැක ඔවුන් හට සතුටු වන බව පවසනවා.අංජලි තනිව නිවසට පැමිණෙනවා.ඇයගෙන් තාත්තා හා අක්කා කොහේදැයි අම්මා විමසනවා.

ඉන්පසු තාත්තා හාමුදුරුවන් හමුවීමට ගිය බවත් අක්කා සරා හමුවීමට ගිය බව පවසනවා.ගීතිකා හා සරා එක්ක පාඨලි මඩුව වෙත ගිය පව පවසනවා.පාඨලි හා සරා අතර සම්බන්ධයක් ඇති බව අංජලි පවසනවා.ඉන්පසු පාඨලි හා සරා අතර සම්බන්ධයක් නැති බව තමා දන්නා බව අම්මා අංජලි හට පවසනවා.මාලන් රසිකා හමුවීමට නිවසට පැමිණෙනවා.රසිකාගේ දුවගේ අතේ ඇති බනිස් ගෙඩියෙන් බාගයක් මාලන් කනවා.ඉන්පසු මාලන් තව බනිස් නිවසේ ඉතුරුව ඇතිද කියා විමසනවා.ඉන්පසු නිවසේ කෑමට දෙයක් ඇතිද කියා බලන්නම් කියා රසිකා එතැනින් පිටව යනවා.නිවසට පැමිණෙන පාඨලි කෝපයෙන් තමා හා සරා අතර සම්බන්ධයක් නැති බව පවසනවා.රාත්‍රියේදි මාලන් රසිකා ගේ නිවසින් පිටව යනවා.උදෑසන ඔහු ඇළට ගොස් නාමින් සිටින විට එතැනට මන්ත්‍රි පැමිණෙනවා.කට්ටඩියෙක් රැගෙන ගොස් නිධන් ගලට බන්ධනයක් දැමු බව පවසනවා.කිසිවෙකුට නිධන් ගල පැත්තට යාමටනොහැකි බව පවසනවා.ඉක්මනින් දිනයක් දාගන්න කියා මන්ත්‍රි මාලන් හට පවසනවා.සරා හා යහළුවන් ලොරිය ලොරිය මිලදී ගන්නවා.ඉන්පසු ලොරියට නගින සරා හා යහළුවන් එහි වටයක් යාමට සුදානම් වනවා.ජානුගේ නිවසට එන මාලන් තමාගේ ටීෂර්ට් එකක් රැගෙන රත්නේ හට එය මැද දෙන ලෙස පවසනවා.කෝපයෙන් රත්නේ ඔහුට කෑ ගසනවා.මෙතෙක් සරා හට උදව් කල ගීතානි මිස් වෙනුවට වෙනත් අයෙක් ගමට එන බව බව පවසනවා.එය අසා සරා දුක් වනවා.මේ අතර රසිකා හමුවීමට එන මාලන් හට රසිකා බැන වදිනවා.සරා හා යහළුවන් ලොරියේ නැග පැමිණෙන විට පාඨලි ගීතිකා හා අංජලි පැමිණෙනවා.ඔවුන් ලොරිය ගත් බව සරා පාඨලි හට පවසනවා.ඉන්පසු සරා හා පිරිස ලොරිය ගෙන කඩය අසලට යනවා.ඉන්පසු මුදලාලි හා සිරිසේනව දමාගෙන ඔවුන් යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *