සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ලවෙරළට ආදරෙයි ටෙලි නාට්‍යමේ දින වල මෙසේ ගලා යනවා.සැම්සන් හමුවන මෙරිල් ඇමතිතුමා තමා හට ලක්ෂ 25ක් දෙන ලෙසත් තමා කර වැරැද්ද පිළිගෙන හිරගෙදරට භාරවන ලෙස පවසනවා.තමා එයට අකමැති බව සැම්සන් පවසනවා.කලබල වන මෙරිල් ඇමතිතුමා කෙසේ හෝ මෙය කරන ලෙසත් මෙය නොකර සිටිය නොහැකි බව සැම්සන් හට තර්ජනය කර එතැනින් පිටව යනවා.මේ අතර බාබුගේ පියා ත්‍රිවිල් එකක් මිලදී ගන්නවා.ඉන්පසු නිවසට පැමිනෙන ඔහු බාබු හට කතා කරනවා.බාබුගේ අම්මා හට කතා කර මෙය තමාගේ ත්‍රිවිල් එක බව පවසනවා.බාබුද එතැනට පැමිණෙනවා.තමා මෙහි ත්‍රිවිල් හයර් කරන ලෙස පවසනවා.පසුදින උදැසන කෑම ගනිමින් සිටින සත්‍යා හා පියා අතර කතාවක් ඇති වනවා.දානයක් දීමට සුදානම් වනවාද කියා විමසනවා.

ඉන්පසු එයට ජුඩ් සමඟ යන ලෙස පවසනවා.තමාදෙස සැකෙන් නොබලන ලෙස සත්‍යා පියාට පැවසුවද වීරවර්ණ සත්‍යාට බැන වදිනවා.බාබු ත්‍රිවිල් එක රැගෙන ශිවා හමුවීමට යනවා.වීරවර්ණ මෙරිල් ඇමතිතුමාගෙ බිරිඳහට ඇමතුමක් ගන්නවා.පණිවිඩයක් ඇතිනම් කියන්න කියාත් ඇමතිතුමා ඔහුට උදව් නොකරන බව පවසනවා.එතැනට පැමිණෙන මෙරිල් දුරකථනය ගන්නවා.ඉන්පසු තමා කියු කතාව ඉක්මනින් කරන ලෙස පවසනවා.බාබු හා ශිවා ත්‍රිවිල් එකේ පැමිණෙන විට ජුඩ් හා සත්‍යා ද එතැනට පැමිණෙනවා.නමුත් ජුඩ් සත්‍යා හට ඔවුන් සමඟ කතා කිරීමට නොදෙනවා.මේ අතර කැතරින් බැලීමට මනමාලයෙක් එන බවත් එයට කැතරින් හට කැමති වන ලෙස ඇගේ අම්මා හා ශිවාගේ පියා පවසනවා.නමුත් ඇය කැමති නැතිබව පවසනවා.ශිවා හා බාබු පැමිණෙන විට කැතරින් කෝපයෙන්පාරේ යන අයුරු දැක පැමිණෙනවා.ඉන්පසු කැතරින් ශිවා බදාගනිමින් අඩනවා.මෙරිල් ඇමතිතුමා හා ඔහුගේ යහළුවන් කෙසේ හෝ රයිනිව කෙසේ හෝ සොයාගත යුතු බව පවසනවා.වීරවර්ණ දුන් මුදලට වඩා වැඩි මුදලක් දී කෙසේ හෝ ඇයව ඔවුන්ගේ පැත්තට ගන්නා ලෙස කතා කර ගන්නවා.බාබු හා ශිවා හට කැතරින් සියලු විස්තර පවසනවා.කෙදිනකවත් සත්‍යා හා ශිවා හට එකතු වීමට නොහැකි බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *