සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවෙ රමණිත් රදීෂ්ගේ අම්මාත් රදීෂ්ව පසුගිය දිනක සිදු වු කරදරය කතා කරමින් ඉන්න අතරෙ තවදුරටත් ඔවුන් මෙලෙස ලංකාවේ සිටිමෙන් ප්‍රශ්න වැඩිවෙන බවත් රදීෂ්ගේ ජිවිතයත් තවදුරටත් ලංකාවේ සිටියහොත් අනතුරේ වැටෙන බවත් නිසා ඒ ගැන ඩිලාන්ට පැහැදිලි කරදී රදීෂ්ව ලංකාවෙන් රැගෙන යමු කියාත් රදීෂ්ගේ අම්මා රමණි සමඟින් පවසනවා. මේ වේලාවේ ඒ ගැන ඩිලාන්ට පැහැදිලි කර දී වැඩක් නැති බවත් ඒ කුමන දේ සිදුවුවත් රදීෂ් ඔවුන් කියන දේ අසන්නේ නැති බවත් ඔහු ඔවුන් සමඟ කැනඩාවට යන්නට පැමිණෙන්නේ නැති බවත් ඔහු ඉතා මුරණ්ඩු බවත් රමණි පවසනවා. මේ වේලාවේ තවදුරටත් ලංකාවේ සිටිමට කැමැත්තක් නැති රදීෂ්ගේ අක්කා, එසේ නම් රදීෂ් හිතුවක්කාරයි නම් ඇයත් හිතුවක්කාර වෙන්නම් කියමින් කවුරු ආවත් නවාත් ඇය තනිව හෝ කැනඩාවට යන්නට තීරණය කරන බව රමණිට පවසනවා.ඉතිං ඔවුන්ගේ කතාව අතරේ එතැනට පැමිණෙන රදීෂ්ව දකින රමණි ඔහු කොහේ යන්නටද සූදානම් වන්නේ කියා විමසද්දී ඔහු ඔෆිස් එකට වැඩ වගයකට යන් බව පවසනවා.ඉන්පසු කේන්තියෙන් සිටි රමණි පහුගිය කාලයේ සිදු වු දේවල් හොදටම ඇති බවත් ඒ සියළු දේ සිදු වුණේ ලිහිණි නිසා බවත් පවසමින් ඔහුට ලංකාවේ සිටියා ඇති බවත් ඔවුන් සමඟින් කැනඩාවට යන්නට එන්න කියාත් ඇය පවසා සිටිනවා.

මේ වේලාවේ රදීෂ් සමඟින් කතා කරන්නට ජුස් බාර් එකට පැමිණෙන ලිහිණිගේ ලොකුඅප්පා, රදීෂ්ගේ අම්මා,තාත්තා ඔවුන්ගේ ගමට ඇවිත් ගිය බවත් ඒ අවස්ථාවේ ඔවුන් මේ කටයුත්තට අකමැති බව හොඳටම තේරුණ බවත් එහෙයින් ඔහු ඒ පිළිබඳව ලිහිණි සමඟින් කතා කළ බවත් ඇයත් කතා කලේ ඒ පිළිබඳ වේදනාවෙන් නිසා ඔහු මෙලෙස රදීෂ්ව හමුවන්නට කොළඹ ආ බවත් පවසනවා. ඉන්පසු රදීෂ් එසේ ලොකු ප්‍රශ්නයක් නැති බවත් නමුත් ඔහුගේ අම්මා සහ අක්කා කැනඩාවේ ජිවත් වු නිසා ඔවුන් හිතන්නේ පතන්නේ එහේ විදියට බවත් රදීෂ් පවසද්දී රදීෂ් එසේ පැවසුවද ඔවුන්ගේ තිබු අකමැත්ත එදින දුටු බවත් ඒ කෙසේ වෙතත් ඔහුට දැනගැනීමට අවශ්‍ය වන්නේ රදීෂ්ගේ තීරණය කුමක්ද යන්න බවත් පවසමින් ඔහුගේ තීරණය කුමක්ද කියා ලොකුඅප්පා අසනවා.ඉන්පසු ටික වේලාවක් කල්පනා කරමින් සිටින රදීෂ්, ඔහුට මොන ප්‍රශ්නය ආවත් කවුරු මොනවා කීවත් ඔහු ලිහිණිට ආදරය කරන එක නවත්වන්නේ නැති බවත් එය ස්ථීර බවත් පවසද්දී ඔහුගේ එම තීරණය අසා සතුටු වුන ලොකු අප්පා, ඔහු ඒ ආකාරයෙන්ම ඒ අදහසේ සිටිනවා නම් ඔහුට රදීෂ් වෙනුවෙන් ඕනෑම උදව්වක් කිරීමට හැකියාව තිබෙන බවත් පවසද්දී රදීෂ්ගේ තාත්තා වන ඩිලානේගෙන් ඔවුන්ගේ සම්බන්ධයට කිසිසෙත් ප්‍රශ්නයක් නැති බවත් ඔහුගේ අම්මා සහ අක්කාගේ ප්‍රශ්නය පමණයි තිබෙන්නේ බවත් කියමින් ඔහු එය කෙසේ හෝ ඉක්මනින්ම විසඳන්නම් කියා ලොකුඅප්පාට රදීෂ් පොරොන්දු වනවා.

මේ වේලාවේ ඩිලාන් සමඟින් කතා කරන්නට එළියට අවන්ත ගිය අවස්ථාවේ, ඔහුට යළිත් දෙව්මිගේ සහ අවන්තගේ ප්‍රශ්නය ගැන කතා කරන්නට ආනන්දව හමුවන්නට යන්නට බැරි බවත් ඔහු කීපාරක් නම් එසේ එම ප්‍රශ්නය ආනන්ද සමඟින් කතා කරන්නට ගියද ඔහු කිසිසෙත්ම ඔහු කියනා දේවල් පිළිගන්නට කැමැති වුයේ නැති බවත් ඩිලාන් පවසද්දී ඔහු ඩිලාන්ට යළිත් ආනන්ද ළඟට ගොස් කතා කර සවුත්තු වෙන්න කියා කියන්නේ නැති බව පවසද්දී ඔවුන් අතින් ලොකු වරදක් වූ බවත් අවන්තගේ නිවසට දරුවෙකුත් සමඟින් නිවසට ආ කෙනා ඔෆිස් එනට ඔවුන්ව සොයා පැමිණි අවස්ථාවෙ ඒ ගැන ඔහු කියන්නේ නැතිව එම ගැහැණු කෙනාට යන්නට ඉඩදුන් බවත් එය අපරාධයක් බවත් ඇයව එදින අල්ලා ගත්තා නම් මේ වෙද්දී සියළුම ප්‍රශ්න හොඳින් විසඳගන්නට තිබුණු බවත් ඩිලාන් පවසා සිටිනවා. ඉන්පසු ඒ පරණ දේවල් ගැන මේ වේලාවේ කතා කර වැඩක් නැති බවත් ඉන් පසු ඔවුන් එම ගැහැණු කෙනාව යළිත් හැමතැනම සෙවු බවත් නමුත් ඇය සොයාගන්නට නොහැකි වු බවත් අවන්ත පවසනවා.එත් එක්කම ඔහුට ඩිලාන්ගෙන් දෙයක් දැනගැනීමට තිබෙන බව පවසමින් දෙව්මිව බලන්න ආනන්ද ඔහුගේ යහළුවකුගේ පුතෙක්ව දෙව්මිට අඳුන්වා දී තිබෙන බවත් ඒ ප්‍රශ්නය ඔහුට කොයි විදියකට බලපායිද කියාත් ඩිලාන්ගෙන් අසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *