සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ රදීෂ්ව පැහැරගෙන පැමිණ සිරකරගෙන සිටින මේනක ඇස් බැඳ අත් පා බැඳ ගැටගසා සිටින රදීෂ් ළඟට පැමිණෙනවා. ඒ වේලාවේ එතැන සිටි අශෝක රදීෂ්ගේ කටේ අලවා තිබෙන ප්ලාස්ටරය ගලවා දමන්නද කියා විමසද්දී දැන්ම එය කරන්ට අවශ්‍ය නැති බවත් තව වේදනවාවෙන් ඉන්නවා බලන්නට අවශ්‍ය බවත් ඔවුන් ඔහුට ලොකු ලොකු දේවල් කල බවත් රදීෂ් සිතාගෙන සිටියේ ඔහුව කම්පැනියෙන් අයින් කල පසු සියළු ප්‍රශ්න ඉවරයි කියා බවත් ඔවුන්ගේමහ ලොකු කම්පැනිය රවී සමඟින් එකතු වී ඔහු ගොඩ දැමු බව මතක තියාගන්න කියාත් එහි හැමදේ ගැනම දන්නේ ඔහු බවත් තව මාසයක් ගත වෙන්නට කලින් ඔවුන්ට සිදුවන්නේ කුමක්ද කියා බලා සිටින්න කියාත් මේනක රදීෂ්ට පවසනවා. ඒ වේලාවේ ඔහු මෙලෙස රදීෂ්ව පැහැරගෙන පැමිණ හැමෝටම පෙන්නුවේ ඔහුට කරන්න පුළුවන් දේවල් කියාත් ඔහුට මීටත් වඩා දේවල් කරන්නට හැකියාව තිබෙන බවටත් රදීෂ්ට තර්ජනය කරනවා. එත් එක්කම අශෝක රදීෂ්ව ඉවරයක් කර දමන්න කියා ඉල්ලා සිටිද්දී, එය ලෙසියෙන් කරන්නට පුළුවන් දෙයක් වුවත් ඔහුට අවශ්‍ය වන්නේ ඔවුන් එක එකා දුක විඳ විඳ එක එකාව වෙන වෙනම මරා දමන්න බවත් ඔහුගේ වෛරය එතම්ම දිග බවත් මේනක පවසා සිටිනවා.

මේ වේලාවේ දින කිහිපයක් තිස්සේ නිවසට නොපැමිණි රදීෂ් ගැන අමීෂා සමඟින් කතා කරමින් සිටින රමණි, තවමත් රදීෂ් ගැන කිසිදු ආරංචියක් නැති බවත් ඇයට හිතෙන විදියට ලිහිණි කලින් යාළුවෙලා සිටි කවුරුන් හෝ කෙනෙකු ලිහිණි සහ රදීෂ් අතරේ සම්බන්ධයක් තිබෙනවා කියා දැනගෙන ඉන්පසු මෙසේ රදීෂ්ට කවුරුන් හෝ කෙනෙකු කරදරයක් කර තිබනෙවා කියා රමණි පවසනවා. ඉතිං එත් එක්කම නිවසට පැමිණෙන රදීෂ්ව දකින අමීෂා පුටුවෙන් නැගිට රදීෂ්ගේ නම කියා කෑගසමින් ඔහුට කුමක්ද වුයේ කියා අසනවාත ඒ වේලාවේ කලබල වෙන්නේ නැතිව ඉන්න කියාත් ඔහු ආවනේ කියාත් රදීෂ් පවසද්දී ඔහුව රැගෙන පැමිණි අනුහස්ගෙන් රදීෂ්ට කුමක්ද වුයේ කියා අමීෂා අසා සිටිනවා. ඒ වේලාවේ රදීෂ්ව කවුරුන් හෝ කෙනෙකු විසින් පැහැරගෙන ගොස් තිබෙන බවත් නමුත් එය කලේ කවුරුන්ද කුමන හේතුවකටද කියා කිසිදු තොරතුරුක් නැති බවත් අනුහස් පවසනවා.මේ වේලාවේ එය අසා ලිහිණි ගැන සැක සිතු රමණි ඇය කියු ලෙසම ලිහිණි මොනවා හරි කරන්නට ඇති කියා පවසද්දී එය අසා අනුහස්ට හිනා යනවා. ඉන්පසු ලිහිණි කියන්නේ කවුරුන්ද කියා ඔහු හොඳටම දන්නා බවත් ඇය කිසිසෙත්ම මෙවැනි දෙයක් කරන්න හීනෙකින්වත් සිතන්නේ නැති බවත් රමණිට සහ රදීෂ්ගේ අක්කාට පැහැදිලි කර දෙන්නට උත්සහා කලද ඔවුන් දෙදෙනාම එය පිළිගන්නට කැමති වුයේ නැහැ. ඉන්පසු අනුහස්ටත් බැන වදිමින් රමණිත් රදීෂ්ගේ අක්කාත් එතැනින් යද්දී අමීෂා පමණික් ඔවුන් ළඟට පැමිණ සිදු වු දේ ඇයට කියන්න කියා පවසනවා. ඉනපසු රදීෂ් , ඔහුව පැහැර ගත්තේ මේනක බව කියමින් සිදු වු සියළු දේ ගැන අමීෂාට පවසනවා.

ඔය අතරේ රදීෂ් ගැන කිසිද තොරතුරුක් නැතිව දුකින් කල්පනා කරමින් බෝඩිමට වී සිටින ලිහිණිව සොයා පැමිණෙන රදීෂ්ව දකින ලිහිණි ඔහු දෙස අදහාගන්නට බැරිව බලා සිට ඉන්පසු ඇස්වල කඳුළු පුරවාගෙන හඩන්නට පටන් ගන්නවා.ඒ වේලාවේ ඔහු ඇයට එසේ කරන්නේ ඇයිද අසමින් හඬද්දී ඇයට හඬන්නට එපා කියාත් ඔහුට සිදු වුයේ කුමක්ද කියා ඇය දැන් දන්නවා නේද කියාත් රදීෂ් පවසනවා. ඒ වේලාවේ ඔහු ඇයට දුරකථන ඇමතුමක්වත් ලබා නොදුන්නේ ඇයිද අසද්දී ඔවුන් ඔහුගේ දුරකථන ගත් පසු ඔහුට කතා කරන්නට විදියක් තිබුනේ නැති බව රදීෂ් පැහැදිලි කර දෙනවා. මේ වෙලාවේ රදීෂ් ලිහිණිගේ හිත හදන්නට උත්සහා කලද ඇය දිගින් දිගටම හඬමින් ඔහුට අඩුම තරමින් ගෙදරට ආ පසු හරි ඇයට දුරකථන ඇමතුමක් ලබා දී ඔහු ගෙදරට පැමිණි බව කියන්නට තිබුණු බව පවසා සිටිනවා. ඉතිං ඉන්පසු එයට රදීෂ් සමාව ඉල්ලා සිටිද්දී ඔහු නැති වු ගමන්ම සියළුදෙනාට වැරදිකාරි වුයේ ඇය බවත් ඔහුගේ අම්මයි අක්කයි බෝඩිමට පැමිනි බවත් ඉන්පසු ඔවුන්ට ඇය බැනවැද තර්ජන කල ගිය බවත් ලිහිණි පවසනවා. ඉතිං ඉන්පසු එය කියා මඳ වේලාවක් කල්පනා කරමින් සිටින ලිහිණි , ඔවුන් කවදා හෝ ඇයට ඔහු සමඟින් විවිාහ වෙන්නට ඉඩ දෙයිද කියා සියතනවාද කියා විමසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *