නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය මේ දින වල කාගේත් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යකි.සතියේ දින පහේම රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනි නාලිකාවෙ මේ දින වල විකාශය වනවා.රත්නේ සරාගේ පොල්ලෙලි ව්‍යාපාරය සඳහා උදව් වනවා.කවඩියා ඔහුට ඔවුන් හා සම්බන්ධ වන ලෙස පවසනවා.ජානුද ඡන්දය ඉල්ලන්න සුදානම් වන බන සරා හට රත්නේ පවසනවා. රත්නේව සොයා ඔහු නැති නිසා මන්ත්‍රිතුමා නැවත නිවසට පැමිණෙනවා.මේ අතර සරා හා යහළුවන් සිටින තැනට පොලිසිය එන බව පවසමින් රත්නේ දුවගෙන එනවා.ඉන්පසු එතැනට පැමිණෙන පොලිසිය සරාව අත්අඩංගුවට ගැනීමට සුදානම් වනවා.ලේඛම්ව ඔවුන් පැහැර නොගත් බව සරා හා යහළුවන්ව සැක බව පවසනවා.මේ අතර එතැනට පැමිණෙන ලොකුහාමුදුරුවන් මෙයට වගකියන බවත් ලේඛම්ගේ පැහැරගැනීමට මොවුන් සම්බන්ධ නැති බව පවසනවා.රත්නේගේ කීමට සරා කවඩියා හා සුද්දා බිංදුසිරි සොයා පැමිණෙනවා.ලේඛම්ගේ පැහැරගැනීමට ඔහු සම්බන්ධ ඇති බව ඔවුන් සැක කරනවා.ඉන්පසු බිංසිරි හා පිරිස අතරට පැමිණෙන සරා ඔවුන් හට තර්ජනය කරනවා.ඉන්පසු දියෝගබදු ලේකම් ඔවුන් සඟවා සිටින බවත් පවසනවා.ලේඛම් සොයාගන්නා සරා ඔහුව රැගෙන එතැනින් පිට වනවා.මාලන් රසිකා බැලීමට නිවසට පැමිණෙනවා.කිසිදු ස්ථාවරයක් නැතිව නැවත මෙහෙ නොයන ලෙස රසිකා පවසා එතැනින් පිටව යනවා.පසුදින මාලන් බස් හෝල්ට් එකට වී සිට අවදි වී ජානුගේ නිවසට යනවා.ඉන්පසු තමා හට කිරි තේ එකක් දෙන ලෙස ජානුගෙන් මාලන් ඉල්ලා සිටිනවා.පාඨලි හා ගීතිකා පංති යමින් සිටිනවා.ඉන්පසු ඔවුන් ඉදිරියට කවඩියා හා සරා ත්‍රීවිල් එකෙන් පැමිණෙනවා.පාඨලී හා ගීතිකා ඔවුන්ගේ ත්‍රිවිල් එකට නැග ඉන්පසු පිටව යනවා.ඔවුන් පිටව යන විට ඔවුන් ඉදිරියට බිංදු සිරි හා පිරිස පැමිණෙනවා.කෝපයෙන් සරා ඔවුන් පසුපස යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *