සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා..උදෑසන නැගිට කල්පනා කරමින් සිටින අභිමන් දුරකථනය අතට ගෙන ඇයට දුරකථන ඇමතුමක් ගෙන ඇයට ඔහු පෙරදින රාත්‍රියේ බොහෝ සේ දුරකථන ඇමතුම් ගත් බවත් ඇය එයට පිළිතුරු නොදුන්නේ ඇයිද කියාත් කුරුළුගෙන් විමසද්දී ඔහුගෙන් සමාව ගන්නා කුරුළු , ඇය ඒ අවස්ථාවේ අදිත්‍ය සමඟින් කෝල් එකක සිටි බවත් ඔහු ඇමතුමක් ගත් විට ලෙහෙසියෙන් දුරකථන තියන්නේ නැති බවත් කුරුළු පවසනවාත් සමඟම එය අසා කලබල වුන අභිමන් ඔහු පැය දෙකක් පමණ ඇය දුරකථන ඇමතුමක් දෙන තෙක් බලා සිටි බව පවසනවා.ඒ වේලාවේ එදින ඇගේ පෑලැන්ස් මොනවාද කියා අසමින් ඔහුට ඇයව එදින හමුවන්නට පුළුවන්ද කියා අභිමන් කුරුළුගෙන් විමසනවා. ඒ වේලාවේ හදිසියේම ඔහුට එලෙස ඇයව මුණගැසෙන්නට සිතුනේ ඇයිද කියා කුරුළු අසද්දී ඇයත් සමඟින් කාරණයක් ගැන කතා කරන්නට තිබෙන බව අභිමන් පවසමින් එය ඔහු ඇය හමුවුවාට පසු කියන්නම් කියමින් දුරකථනය තියනවා.

ඉන්පසු කුරුළුව හමුවන්නට යන අභිමන්, දෙදෙනෙකු ආදරය කරන්නේ එ සම්බන්ධය විවහායකින් ඉවර කරන්න බවත් නැතිනම් එය විවාහයට කලින් ඉවර වෙන්න පුළුවන් බව කියමින් විවාහ වනවානම් ඔවුන් දෙදෙනා අතර ප්‍රශ්න ඇති වෙන්නට බැරි බවත් ,සැකයන් තිබෙන්නට බැරි බවත් පවසමින් ආදරයෙන් ප්‍රශ්න නැතිව ජිවත් වන්නට හැකි වියයුතු බව අභිමන් පවසනවා.ඒ වේලාවේ ඔහු එ් කියනා දේවල් ගැන සිතා ගන්නට බැරි වුන කුරුළු ඔහු කියන්නේ මොනවාද කියා අසද්දී ඔහු එලෙස පැවසුවේ ඔහුගේ සිතේ තිබෙන දේවල් බවත් ඒවා ඔහුට හිතේ හිරකරගෙන සිටිමට නොහැකි බවත් පවසමින් ඔහු ඇය වෙනුවෙන් කෙතරම් කැපකිරීම් කර තිබෙනවාද කියා ඇය දන්නේ නැති බව අභිමන් වේදනාවෙන් යුතුව පවසා සිටිනවා.ඉතිං ඒ වේලාවේ ඔහු කියනා දේවල් කිසිවක් සිතාගන්න බැරි වුන කුරුළු ඇය ඔහුට කල වරද කුමක්ද කියා කියන්න කියා දිගින් දිගටම අභිමන්ගෙන් විමසනවා.ඉතිං ඉන්පසු කුරුළු එලෙස දිගින් දිගටම අසනවාත් සමඟම ඔහුගේ දුරකථනය අතට ගත් අභිමන්, එහි තිබු ඇගේ සහ අදිත්‍යගේ ඡායාරූප ඇයට පෙන්වමින් එයට හේතුව එය බව පවසා සිටිනවා. ඒ වේලාවේ එ ගැන ඔහුට ඇය කිවේ නැත්තේ ඇයිද කියා කුරුළුගෙන් විමසද්දී අයට සමාව දෙන්න කියා ඉල්ලමින් ඇය එය කියන්න තරම් ලොකු දෙයක් කියා සිතුවේ නැති බව පවසනවා.ඉතිං ඉන්පසු එදින සිදු වුන සියළු දේ ගැන ඇය අභිමන්ට තේරුම් කර දෙමින් ඔහුගේ හිතේ ඇය ගැන තිබු සැකය නැති කර දමනවා.

ලොයිඩ්ට කුරුළු සමඟින් කතා කිරීමට අවශ්‍ය බව කියු හෙයින් අභිමන් කුරුළුත් සමගින් ලොයිඩ් හමුවන්නට පැමිණෙනවා. ඉන්පසු අභිමන් මොනවාද කියන්නේ කියා කුරුළුගෙන් අසද්දී අභිමන් බොහෝ දේ සැලසුම් කරගෙන සිටින බව කුරුළු පවසනවා. ඒ වේලාවේ ඔහු ඒ නිසාමයි ඇයට මෙලෙස ඒ ගැන කතා කරන්න එන්නට කිවේ කියා ලොයිඩ් පවසමින් ඔහු පළමුවෙන්ම අභිමන්ට විවාහ කර දෙන්නට හිටියේ කවුරුන්ද යන වග ඇය දන්නවා නේද කියා විමසනවා. ඒ වේලාවේ ඒ පූජා කියා ඇය දන්නා බව කුරුළු පවසද්දී පූජා අභිමන්ට බොහෝ සේ ආදරය කල බවත් එලෙසම අභිමනුත් පූජාට ආදරය කල බවත් පවසමින් නමුත් කාලය ගත වෙද්දී අභිමන්ට කුරුළු කෙරෙහි ආදරයක් ඇති වුන බව ලොයිඩ් පවසනවා. නමුත් අභිමන්ට පූජා තවමත් වෙනදා මෙන්ම ආදරය කරන බව ඔහු දන්නා බව පවසද්දී ඔහු කියන්නේ ඇගේ සහ අභිමන්ගෙන් සම්බන්ධය නවත්වන්න කියාද කියා කුරුළු විමසනවාත් සමඟම ඔහුට කිසිදින ඔවුන් දෙදෙනාගේ බැඳීම කඩන්නට අවශ්‍ය නැති බව පවසමින් ඔහුට අවශ්‍ය වන්නේ සියළු දේ හොඳින් සිදුවනවා දකින්නට බව ඔහු පවසා සිටිනවා.ඉතිං මේ වේලාවේ කුරුළු සහ ලොයිඩ් කතා කරමින් සිටිනවා දකින පූජා මඟ නතර වී ඔවුන්ගේ කතාව අසාගෙන සිටිනවා..ඉතිං මේ වේලාවේ ඔවුන්ගේ කතාව පුජා අසාගෙන සිටිනවා දකින වාසනා ඇය ළඟට පැමිණ එකසැරේටම කෑගසා පූජාත් ඇවිත් නේද කියා කුරුළුට සහ ලොයිඩ්ට ඇසෙන්නට අසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *