සතියේ දින වල රාත්‍රි. 8.30ට සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලිනාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.රාදික හමුවන ලීසා රාදිකගේ කණ්ඩායමෙන් චාමරිව අයින් කරන ලෙස පවසනවා.වැඩිකාලයක් චාමරිව තමන් ගැන තියාගන්නේ නැති බවරාදික පවසනවා.චාමරිව උවිඳු ඔවුන් වෙත එවු බවත් උවිඳු හට උවමනා වී ඇත්තේ තමන් වගේ වීමට බවත් රාදික ලිසා හට පවසනවා.දේශිත හා යහළුවෙකු සමඟකතා කරමින් සිටින විට මවුලාන හට වෙඩිතැබු කෙනා සැඟවි සිටින බව පවසා එතැනට එන ලෙස දුරකථන ඇමතුමක් එනවා.මේ අතර හසන්ත හා මිනිදුලිගේ බාප්පාද පාළු නිවසටකට යනවා.එතැනට ගොස් බලන විට මවුලාන හට වෙඩි තැබු පුද්ගලයා නිදා සිටිනවා.ඔහු කවුරුන්දැයි කියා මිනිදුලිගේ බාප්පා අහනවා.මොහු මවුලාන හට වෙඩි තැබු බවත් දැන් ඔවුන් පැමිණියේ ඔහුට වෙඩි තැබීමට බවත් පවසා හසන්ත අත ඇති තුවක්කුව ගෙන ඔහුට වෙඩි තබා එතැනින් පිටව යනවා.රංජිත් පාරේ පැමිණෙමින් සිටින විට එතැනට හසන්තගේ පුතා පැමිණෙනවා.

ඉන්පසු ඉතාම කලබලෙන් සිටින හසන්ත දෙසබලා කුමක් සිදුව ඇතිද කියා විමසනවා.නිවසට පැමිණෙන රංජිත් ඉතාම අමාරුවෙන් සිටින බව මිනිදුලිගේ පියා දකිනවා.ඉන්පසු රංජිත් හට උණ සෑදි ඇතිබව පවසා බේත් ගැනීමට යන ලෙස පවසනවා.මේ අතර උවිඳු හා යහළුවන් අසලට චාමරි පැමිණෙනවා.රාදිකගෙන් පරිස්සම් වන ලෙස චාමරි ඔහුට පවසනවාත් සමඟ එතැනට රාදික පැමිණෙනවා.ඉන්පසු එය දකින උවිඳුගේ යහළුවා ඔහු එන බව පවසනවා.එක් වරම චාමරි නැගිට උවිඳු හට බැන වදිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *