සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා..කොත්මලේ ගොස් රැ වෙලා නිවසට පැමිණෙන පූජාව දකින ඇයගේ තාත්තා වන ජනනාත අභිමන් කොහේද කියා විමසද්දී ඔහු මඟ එනගමන් කියා පූජා පවසනවා.මේ වේලාවේ ඔවුන් කොත්මලේ ගියේ කුමකටද කියා ජනනාත් සැරෙන් විමසද්දී එයින් ගැලවෙන්නට ක්‍රමයක් නැතිව ඇයට ඇත්තම කියන්නට සිදුවුවා. මේ වේලාවේ ඔවුන් එලෙස ගියේ කුරුළුව කොත්මලේ සිට රැගෙන එනන්ට බව පූජා කියනවාත් සමඟම ජනනාත පුදුමයෙන් වාගේ එය එලෙස වන්නේ කෙසේද අහද්දී ඇයව සියළුදෙනාම කුරුළුගේමරණය සම්බන්ධයෙන් සැක කල බවත් එ හේතුවෙන් ඇයම මෙලෙස ගොස් කුරුළුව සොයා ගත් බවත් පූජා පවසනවා. එය ඇයට දැනගන්නට හැති වුයේ මහීමා සමඟින් කොත්මලේට ගිය අවස්ථාවේ බවත් පූජා පවසා සිටිනවා. ඉතිං මේ වේලාවේ ඔහුට පූජා කියන කිසිදු දෙයක් අදහා ගත නොහැකිව ඒ පිළිබඳ තව තවත් ජනනාත ප්‍රශ්න කරද්දී කුරුළු එතරම් කාලයක් කොත්මලේට වී සිටියේ ඇයට සිදු වු අනතුරින් පසු ඇගේ මතකය නැති වී ගිය නිසා බව පූජා පවසනවා. ඒ අවස්ථාවේ ඇය කොත්මලෙදීම කුරුළුව අභිමන්ට භාරදුන් බවත් මෙස් වෙද්දී ඔවුන් නිවසට ගොස් ඇති බවත් පූජා පවසද්දී පූජාගේ මේ වෙනස ගැන ජනනාතගේ හිතේ සැකයක් මතුවුවා.

මේ වේලාවේ ඉවසිල්ලක් නැතිව නැන්දාව සහ අම්මාව බලන්නට කුරුළු ඇගේ නිවසට පැමිණෙනවා. ඒ වේලාවේ කුරුළුව දකින රේෂ්මා ඉතාමත් සතුටින් ඇයව වැළඳගෙන යළි කිසිදිනක ඔවුනගෙන් ඇත් වී යන්නට එපා කියා පවසද්දීම එතැනට පැමිණෙන අනුලා කුරුළුව දැක පුදුමයෙන් වාගේ එ දෙස බලා සිටිද්දී මේ සිටින්නේ අපේ කුරුළු බව කියමින් ඇයට ඒ විශ්වාසවන්ත නැතිද කියා රේෂ්මා අමුතුවට සිනාසෙමින් අනුලාගෙන් අසනවා. ඒ වේලාවේ බොරුවට ඇයව දැකීම සතුටක් බව පෙන්වන අනුලා ඇයව ළඟට ගනිමින් ඇයව මෙලෙස දැකීම කොච්චර සතුටක්ද කියමින් සියළුදෙනා ඉදිරියේ බොරුවට රඟපෑමක් කරනවා. ඇයගේ මේ රඟපෑම ගැන රේෂ්මා දැන සිටියත් ඇය ඒ වේලාවේ කිසිවක් නොකියා ඒ දෙස අමුතුවට බලා සිටියා. ඉන්පසු කුරුළු ඉවසිල්ලක් නැතිව සූභාද්‍රා ළඟට ගොස් ඇයට අම්මා කියා කතා කරනවාත් එකක්ම නිදා සිටි සුභද්‍රා සිහිනයක් දැක්කා මෙන් ඇය දෙස ඇසිපිය නොගසා බලා සිට ඇයව වැළගෙන හඬන්මින් මෙතරම් කාලයක් ඇයව දාමා ගොස් කොහේද සිටියේ කියා අසනවා.මේ වෙනකනුත් කුරුළු දැන සිටියේ නැහැ ඇය නැති කාලයේදී සුභද්‍රා මනසිකව වැටී සිට ඇති බව. ඉතිං ඉන්පසු ඒ ගැන සියළුදේ රේෂ්මා පැහැදිලි කර දීමෙන් පසුව ඇය එක් වතාවක් කොළඹට පැමිණි අවස්ථාවේ ඇගේ අම්මා වන සුභද්‍රා මෙවැනි තත්ත්වය සිටිනවා කියා දැන සිටියා නම් ඇය එදින යළි කොත්මලෙ යන්නේ නැති බව කුරුළු දුකින් පවසා සිටිනවා.

මේ වෙලාවේ කුරුළුව ඇය විසින් අභිමන්ට සොයාදුන් නිසා සියළුදෙනාටම එය සිතා ගන්නට නොහැකිව ඇය ගැන පුදුමයෙන් ඇතැයි කියා සිතමින් කලින් සිදුවුණ වැරදි හදා ගනිමින් මේ වතාවේ හොඳ කල්පනාවෙන් පිළිවෙළකට වැඩ කටයතු කල යුතු බව ඇය තනිවම කල්පනා කරන අතරතුරේ ඇයට එකපරටම මහීමාගෙන් දුරකථන ඇමතුමත් ලැබෙනවා. ඇය විසින් මේ සිදුවන්නේ මොනවද කියා විමසමින් විහාරා කියන්නේ කුරුළුමයි කියා විශ්වාස කරන්නේ කෙසෙද කියා අසනවාත් එක්කම කුරුළු කියන්නේ ඇයගේම නැගණිය බවත් ඇයට ඇයගේ නංගීව අඳුර ගන්නට හැකි බවත් පූජා පවසනවාත් සමඟම එ බව නොදැන සිටි මහීමා අදහාගන්නට නොහැකිව එය කල්පනා කරනවා. කුරුළුගේ මරණය සම්බන්ධයෙන් සියළුදෙනා ඇයව සැක කල බවත් ඉන්පසු කුරුළු වගේ කෙනෙකු කොත්මලේ සිටිනව බව මහීමා කියු පසු ඒ ගැන සොයනන්ට ඇය පෙළඹුන බවත් පූජා පවසනවා. ඒ වේලාවේ කුරුළුව සොයාගන්නට මහීමාත් ඇයට බොහෝ සෙයින් උදව් වු බවත් පූජා පවසා සිටිනවා.

කුරුළු සුභද්‍රා සමඟින් කතා කරමින් සිටින තැනට පැමිණෙන අනුලා මෙතරම් කාලයක් නිවසට එන්නේ නැතිව හැංගී සිටියේ ඇයි දැයි අසමින් ඇයට බැන වදිනවිට සුභද්‍රා විසින් එලෙස ඇයට බනින්නට එපා කියමින් ඇයට එතැනින් යන ලෙස ඉල්ලා සිටිනවා. නමුත් අනුලා එ කිසිවක් නොඅසා දිගින් දිගටම කුරුවට දොස් කියමින් ඇය නිසා සුභද්‍රා මෙලෙස මානසික ලෙඩෙක් බවට පත්වු බව පවසමින් චෝදනා කරනවා.ඒ වේලාවේ අනුලා කුරුළුට දොස් කියනා සැටි කාමරය අසළට වී බලා සිටින රේෂ්මා , ඇය ඒ කන්නා වු රඟපැම ඉතාමත් හොඳ බව කියමින් කුරුළු නැති කාලය තුළිදී අනුලා කල කී දේවල් කිසිකෙනෙකු දන්නේ නැති බව රේෂ්මා පවසනවා. ඒ වේලාවේ ඇය ක දේවල් ගැන කුරුළුවට නිදහසේ පවසන්නම් කියමින් අනුලාව රේෂ්මා එතැනින්න කෑගසා එළවා ගනන්වා. මේ අතරදී ලොයිඩ් සහ විශාකා කුරුළු ගැන කතා කරමින් සිටින අතරතුරේ පූජා කියන්නේ අභිමන්ට කොහොමටවත් අභිමන්ට ගැලපෙන කෙනෙක් නොවන බව පවසද්දී අභිමන්ගේ ජිවිතය ගැන තීරණ ගත යුත්තේ ඔහු මිස ඔවුන් නොවන බව විශාකාට ලොයිඩ් පැහිදිලි කර දෙනවා. ඔය අතර කතාවේදී අභිමන් සහ කුරුළු ආ බව දැනගත් විශාකා එළියට ගොස් කුරුළුව වැළඳ ගනිමින් කවුරු කුමන දේවල් කිව්වත් අභිමන් ඇය ජිවතුන් අතර සිටිනවා කියන විශ්වාසයෙන් සිටිය බව පවසමින් අවසානයේදී අභිමන් ජයග්‍රාහණය කල බව විශාකා සතුටින් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *