සතියේ දින පහේම සිරස ටීවී නාලිකාව ඔස්සේ රාත්‍රී හතයි තිහට විකාශනය කෙරෙන කිසා ටෙලි නාට්‍යය කාගේත් ආදරයක් සමඟින් හොඳ ප්‍රතිචාර ලබමින් ඉදිරියට ගලාගෙන යනවා..මේ වේලාවේසාප්ව අත්අංගුවට ගැනීම ගැන කිස්මෙට්ට අරිෆ් දොස් කීම හේතුවෙන් ඇය පොලිසියට පැමිණ සාප්ව හමුවි ඇයට ඔහුට උදව් කරන්නට ආ බව පවසද්දී ඇයව එලෙස ඔහුව බේරා ගන්නට ඒව්වේ කවුරුන්ද කියා විමසනවා.ඒ අවස්ථාවේ ඔහුට මේසීර් එක්ක සහ ස්වාඩ්ස් සමඟින් තිබු සම්බන්ධය ගැන ඇය සියළු දේ දන්න බවත් එහෙයින් ඇයට ඔහුට උදව් කිරීමට පහසු බවත් පවසනවා. ඔය අතරේ දොරුක්ගේ උත්සවයට පැමිණෙන පිරල්ව දකින් දොරුක් ඇය ළඟට පැමිණ ඇයව ආදරනේ පිළිගෙන ඇය සමඟින් කතා කරමින් සිටියදී ඇය විසින් සාප් කෙහේද කියා විමසනවා. ඉන්පසු දොරුක් සාප්ව පොලිසියෙන් රැගෙන ගිය බවත් පවසද්දී බහාර් සිදු වු දේ දරුවන් නැති අතරේ පිරල්ට විස්තර කර දෙනවා.

පිරල් සහ බහාර් සාප් ගැන කතා කරමින් සිටින තැනට පැමිණෙන සිරින් පිරල්ව දැක ඔවුන් අසළට පැමිණ තේ හදමින් සිටින ගමන් ඔවුන් කතා කරනා සියළු දේ ගැන අසාගෙන සිටිනවා. ඒ වේලාවේ ඇයට සාප් සමඟින් මේ වෙද්දී සම්බන්ධතාවයක් නැතත් ඇයගේ දරුවන්ගේ තාත්තා සාප් වන බැවින් ඔහු මෙලෙස සිරගත වී සිටිනවා ඇයට බලා සිටිය නොහැකි බව පිරල් පවසනවා. ඒ වේලාවේ බහාරුත් ඇයටත් සාප් සමඟින් කිසිදු සම්බන්ධයක් නැති බව කියද්දී ඒ ගැන අසා සතුටු වන පිරල් ඔවුන්ගේ කතාව අතර පැමිණ ඔවුන් දෙදෙනාටම සාප් අවශ්‍ය නැතිනම් ඇය ඔහුව ලබා ගන්නම් කියා සිනසෙමින් පවසද්දී එතැනට පැමිණෙන සෙයිඩා ඇයට ආදරය කරන්න කෙනෙකු නැති වු විට අනුන්ගේ මිනිසුන් උදුරා ගන්නට එපා කියා කේන්තියෙන් පවසනවා. මේ වේලාවේ බහාර්ව තවදුරටත් රිද්දවන්නට අවශ්‍ය වුන සිරින් පිරල් ළගට පැමිණ ඇය ළඟ තිබෙන් පින්තුර ඇගේ දුරකථනයට එවන්න පුළුන්ද කියා අසද්දී ඒ ගැන සැක සිතුන බහාර් ඇය දෙස බලා ඇය ඉලන්නේ කුමන පින්තුරද කියා විමසනවා.මෙලෙස බහාර්ව කලබලයට පත් කරවමින් පින්තුර ටික මොනවාද කියා දැනගත යුතු නම් එය පිරල්ගෙන් ඉල්ලාගෙන බලන්න කියමින් එතැනින් යන්න යනවා.

මේ වේලාවේ එය අසා කෝපයට සහ කලබලයට පත් වුන බහාර් එම පින්තුර ඇයට බැලීමට අවශ්‍යඨ බව පිරල්ට පවසන විට ඇය ඒ ගැන නොදන්නා බව කියමින් ඇයව මඟ හැර යන්නට හැදුවත් බහාර් එයට ඉඩ දෙන්නේ නැහැ.මෙලෙස කලබල වී සිටින තැනට පැමිණෙන එන්වර් ඇගේ හිත හදමින් ඇයට කලබල වන්නට එපා කියාත් ඔහු සියළු ඇත්ත කියන්නම් කියාත් බහාර්ට පවසමින් බහාර් රොහල් ගත වී සිටියදී ඇය වෙනුවෙනු සිරින්ගෙන් බොන්මැරෝ ගන්නට අවශ්‍ය වු බවත් ඉන්පසු සිරින් සිටින තැන ගැන සාප්ට කියා තිබුනේ පිරල් බවත් එන්වර් පවසනවා. ඉන්පසු සාප් සිරින් හමුවන්නට සව්ඩ්ගේ නිවසට ගිය අවස්ථාවේ බහාර්ට බොන්මැරේ ලබා දෙන්නට අවශ්‍ය නම් ඇය කියනා කෙන්දේසියට ඔහු යටත් විය යතු බව පවසමින් සාප් සමඟින් එකට සිටිනා පින්තුර ඇය එලෙස ලබාගෙන ඇති බව එන්වර් පවසනවා. ඉන්පසු එය අසා දරාගැනීමට නොහැකි වුන බහාර් ඇයට එම පින්තුර ඇගේ ඇස් දෙකෙන්ම බැලීමට අවශ්‍ය බව පවසමින් පිරල්ගේ දුරකථනයෙන් එම පින්තුර බලා තවත් කලබල වී හඬන්නට පටන් ගනිද්දී එන්වර් සහ පිරල් එම පින්තුර බොරුවට ගත් ඒවා කියා පැහැදිලි කර දෙන්නට උත්සහා කලත් ඇය ඒ කිසිවකු පිළි ගන්නට කැමති වුයේ නැහැ.

ඉන්පසු එළියට වී සිදු වු දේ ගැන කල්පනා කරමින් සිටින පිරල් ළඟට පැමිණෙන අරිෆ් ,කුමක් හෝ ප්‍රශ්නයක් ඇතුළේ සිදු වෙලාද කියා ඇගෙන් විමසනවා.මේ වෙලාවෙ මඳ වේලාවක් කල්පනා කරමින් සිටින පිරල්, බහාර් පින්තුර කිහිපයක් දැක කලබල වී සිටින බවත් ඇය හඬනා බවත් පවසද්දී එලෙස හඬන්නේ කුමන පින්තුර දැකද කියා අරිෆ් ඇගෙන් විමසනවා. ඒ අවස්ථාවේ ඇය සාප් සහ පිරල් එකට සිටිනා පින්තුර දැක එලෙස කලබල වී ඇති බව පිරල් පවසනවා. ඇය එතැන සිදු වී ඇති දේ ගැන පැහැදිලි කර දෙන්නට උත්සහා කලද ඒ කිසිවකු බහාර් පිළිගන්නට කැමති වන්නේ නැති බවත් පිරල් පවසනවා. මේ දේ හේතුවෙන් ඇය සාප්ව අත්හැර දමයි කියාත් එයින් වාසිය ඇති වෙන්නේ ඔහුට බවත් පිරල් පවසද්දී එය අසා කලබල වුන අරිෆ් බහාර් එලෙස දුකින් සිටින එක ඔහුට සතුටක් නොවන බව පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *