ලොකු පොඩි කාගේත් ආදරය දිනා ගනිමින් මේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ ටීච අම්මා ටෙලි නාට්‍ය සෑම සතියේ දිනකම විකාශය වනවා.වැඩ තහනමකට ලක් කර තිබු විදුහල්පතිතුමා නැවත පාසට පැමිණෙනවා.පාසලේ සියලු ළමුන් එකතු වී විදුහල්පතිතුමා ආදරයෙන් පිළිගන්නවා.මේ අතර තමා හට සිදු වූ දේ හට දුක්වන උපුල් සර් පාරේ අඬමින් සිටිනවා.එතැනට පැමිණෙන ග්‍රාමසේවක මහතා සිදුවූ දේ විමසනවා.කෝපයෙන් බන්ටිගේ නිවසට පැමිණෙන මහේෂ් බන්ටි තමාගේ ළඟ තිබු මැණික් ගලක් හොරකම් කර ඇති බව පවසනවා.අරෂ්ගේ නංගි අම්මා වෙත පැමිණ අයියා හා තාත්තා මැණික් ගලක් පසුපස යන බව පවසනවා.තිලක් මුදලාලි හා බිරිඳ මැණික් ගල ගැන කතා කරමින් සිටින දේ උපුල් සර් හා ග්‍රාමාසේවක අසා සිටිනවා.චින්තක අරුෂ් හා තාත්තා මුණ ගැසීමට පැමිණෙනවා.

සයොනාරාගේ පියා නැවත පිටරට සිට පැමිණීමට ප්‍රථම ඉක්මනින් සයොනාරාගේ මව රවටා මැණික ගතයුතු බව පවසනවා.විදුහල්පති පාරේ පැමිණෙමින් සිටින විට උපුල් සර් පැමිණෙනවා.තමාව ඉක්මනින් පාසලට ගන්නා ලෙස පවසනවා.චින්තක සයොනාරා ටීචගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු මැණික් ගල පිලිබඳ විස්තර ඔහු දැනගන්නවා.සැඟවි සිටි බන්ටි නැවත නිවසට පැමිණෙනවා.මේ අතර ඔවුන් කතා කරමින් සිටින දේ සීගිරි සැඟවී අසා සිටිනවා.ඉන්පසු ඔහු එතැනින් දිව යනවා.කවුරුන් හෝ බලා සිට දිව ගිය බව බන්ටි දැක එය අම්මා හට පවසනවා.මේ අතර නැවතත් ක්‍රිකට් තරඟයක් සඳහා ආරාධනාවක් ලැබි ඇති බව විදුහල්පතිතුමා සයොනාරා ටීච හා ශිරෝමාලා ටීච හට පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *