සති කිහිපයක දීර්ඝ නිවාඩුවකින් පසු නැවතත් සියත නාලිකාවේ රේස් ටෙලි නාට්‍ය සෑම සතියේ දිනකම රාත්‍රි 8.00ට විකාශය වේ.මේ දින වල එහි සිදු වූ දේ මෙසේයි.උවිඳු හා යහළුවන් කතා කරමින් සිටින තැනට රයන් හා රාදික පැමිණෙනවා.ඉන්පසු උවිඳු හා රාදික රණ්ඩු වනවා.යහළුවන් මැදිහත් වී ඔවුන්ගේ රණ්ඩුව බේරනවා.රයන් හා රාදික ශෙරින් හමු වීමට එනවා.ඉන්පසු උවිඳු හට කවදා හෝ දවසක කුමක් හෝ කලයුතු බව පවසනවා.මේ අතර රයන්ගේ දුරකථනය හා උවිඳුගේ යහළුවෙක් වන චාමරිගේ දුරකථනය සමඟ මාරු වී තිබෙන බව දැනගන්නවා.ඉන්පසු රයන් චමරි හමුවීමට එන බව පවසනවා.මේ අතර ගිම්හානි උවිඳු හට කතා කර හෙට උදෑසන නැවත ආයතනයට පැමිණෙන ලෙස පවසනවා.මේ අතර ගිම්හානි දේවානි හට තමා උවිදු හට ආදරය කරන බව පවසනවා.රයන් තමාගේ දුරකථනය ගැනීමට චාමරි හමුවීමට එනවා.ඉන්පසු චාමරි රයන්ගේ කාර් එකේ නැග එතැනින් පිටවනවා.පසුදින උදෑසන උවිඳු ආයතනයට පැමිණෙනවා.මේ අතර ජෝන් හා උවිඳු කතා කරමින් සිටින තැනට දේවානි පැමිණෙනවා.ඉන්පසු උවිඳු තමාගේ රැකියාව නැති වූයේ දේවානි නිසා බව පවසනවා.මේ අතර ඉරෝෂ්ගේ අභියෝගයකට ආරණ්‍යා ඔහුගේ අම්මාගේ කකුල සනීප කිරීමට නිවසට පැමිණෙනවා.මේ අතර උවිඳු සිටින තැනට ගිම්හානි පැමිණෙනවා.ඉන්පසු හෙට සිට නැවත ආයතනයට පැමිණෙන ලෙස ගිම්හානි පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *