ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාර දිගේ ටෙලි නාට්‍ය සෑම සතියේ දිනකම රාත්‍රි 9.00ට විකාශය වෙනවා.නානායක්කාරගේ මැරයන් යලිත් රෙහාන් හමුවීමට පැමිණෙනවා.ඉන්පසු වත්සලා හට දුන් මුදල ඔවුන්ට ඉල්ලාගැනීමට කියනවා.නැවතත් ඔවුන්ට ඔෆිස් එකට නොයන බවත් පවසා ඔවුන් එතැනින් පිටත් කර යවනවා.ඔවුන් එතැනින් ගිය විට රෙහාන් වත්සලා හට අමතා ඔවුන්ගේ ප්‍රශ්ණ විසදා ගන්නා බවත් යලිත් කරදර නොකරන බවත් පවසනවා.මේ අතර බන්ඩා යහළුවන්ගෙන් ඩාලිං අක්කා හට මුදල් දීමට මුදල් ඉල්ලා ගන්නවා.ඔවුන් කතා කරමින් සිටින තැනට බන්ටි පැමිණෙනවා.තාත්තා පොලිසියට ගිය බවත් පොලිසියෙන් කිසිවක් කිරීමට නොහැකි බව පැවසූ බවත් ඔවුන් හට පවසනවා.ටුටු ඩාලිං අක්කා හට බන්ඩාගෙන් ලැබෙන මුදලින් භාගයක් ඉල්ලා සිටිනවා.ඩාලිං අක්කාගේ කීමට සිකුරා අයියා බන්ඩා හා පිරිස සිටින තැනට පැමිණ ඔවුන්ගේ සල්ලි පිළබඳව අසනවා.කෝප වන බන්ටි හා ජූඩා සිකුරා හට බැන වදිනවා.රාත්‍රියේදි බන්ඩා සිකුරා හා ඩාලිං වෙත පැමිණ ඔවුන් ඉල්ලු මුදල් දෙනවා.

ඉන්පසු සිකුරා හා ඩාලිං පොරොන්දු වූ පරිදි බන්ටිගේ නිවසට පැමිණ ටුටු පැවසු දේ බොරු බව පවසනවා.ඔවුන් බන්ටිගේ නිවසට ගිය අතරතුර බන්ඩා ඩාලිං අක්කාගේ නිවසට පැන ඔවුන් ළඟ ඇති මුදල් සොරකම් කරගන්නවා.ඉන්පසු ඉන් මුදල් කීපයක් ටුටුගේ ඇඳුමකට දමා ඔහු එතැනින් යනවා.මේ අතර වත්සලා රුක්ෂානා හමුවීමට යනවා.ඉන්පසු රෙහාන්ගේ විස්තරය ගැන රුක්ෂානා වත්සලාගෙන් විමසනවා.පසුදින සල්ලි සොයන ඩාලිං සල්ලි නොමැති බව පවසා අඩමින් සල්ලි සොයනවා.සල්ලි සොයන ඩාලිං හට ටුටුගේ කලිසම් සාක්කුවේ තිබු සල්ලි ලැබෙනවා.ඉන්පසු කෝප වන ඩාලිං ටුටු හට පහර දෙනවා.මේ අතර ආණ්‍යා බානු හා සියලු දෙනා හමුවීමට එනවා.මේ අතර රුක්ෂානා රෙහාන් හට කතා කරනවා.රුක්ෂානා හට උදව් කරන්නෙ වත්සලා බව පවසනවා.ආණ්‍යා සමඟ ජෙරාජ් පැමිණෙනවා.වත්සලාහට බන්ඩා කතා කරනවා.තමා හා යහළුවෙක් අඟුලානට ආ බව පවසනවා.

සිකුරාගේ නිවසට යන බන්ඩා ඔවුන්ගේ නිවසට වත්සලා පැමිණෙන බවත් ඇත්ත ඔවුන් හට නොපවසන බව බන්ඩා පවසා එතැනින් පිට වනවා.ඩාලිංගේ නිවසට පැමිණෙන වත්සලා හා රුක්ෂානා හට විස්තර පැවසීමට ලක්ෂ එකහමාරක චෙක් එකක් ඩාලිං අක්කා ලියා ගන්නවා.ඉන්පසු එය බලා සිටින බන්ඩා සියලු විස්තර පැවසීමට ප්‍රථම ඔවුන් පැමිණි කාර් එකේ කණ්ණාඩිය කැඩු බව පවසා කෑ ගසා කාර් එකේ කණ්ණාඩිය කඩ දිව යනවා.ඉන්පසු නිවසට පැමිණෙන බන්ඩා ඩාලිං හට බැන වදිනවා.බානු හා යහළුවන් පුහුණු වීම් කරන තැනට පැමිණෙන ආණ්‍යා හා ජේරාඩ් පැමිණෙනවා.ජේරාඩ්ගේ හැසිරීමට අකමැති වන ජුඩ් ඔහු හට පහර දෙනවා.ඉන්පසු පාරට පැමිණෙන ජේරාඩ් හා ආණ්‍යා සිදු වූ දේ ගැන කතා කරනවා.කෝප වන ආණ්‍යා ජේරාඩ් හට කාර් එකෙන් බැස යන ලෙස පවසනවා.ඉන්පසු කෝපයෙන් ජෙරාඩ් එතැනින් පිට වනවා.නිවසට එන ආණ්‍යා සිදු වූ දේ පවසනවා.

මේ අතර හිරෙන් නිදහස් වී නානායක්කාර පැමිණෙනවා.ඔහු එන විට පුෂ්පා හා මානවී නිවසින් යාමට සුදානම් වනවා.ඉන්පසු නානායක්කාරහට බැන දෙදෙනාම නිවසින් පිට වනවා.පසුදින ටුටු හට නිවසින් යනලෙස පවසනවා.නමුත් ඇය නොයන බව පවසනවා.

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *