ටීච අම්මා ටෙලි නාට්‍ය සෑම සතියේ දින පහේම ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වනවා.මෙය ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය කතාවක්.පතලට යන බන්ටි මහේෂ් මහත්තයාගෙන් නිතරම වැඩ කරන අතරතුර වාසියක් නැද්ද කියා අසනවා.කෝප වන මහේෂ් මහත්තයා එසේ අහන්නේ ඇයි කියා අසනවා.තමාහට ටීච අම්මාගේ තාත්තා බලන්න යන්න ප්‍රමාද වන බව ඔහු කියනවා.ගලක් හමු වූ පසු ටීච නෝනාගේ තාත්තා හමුවීමට ඔහුව එක්කගෙන යන බව මහේෂ් මහත්තයා පැවසු බව ඔහු කියනවා.ඉන්පසු මහේෂ් මහත්තයා ඔහුට අහිකුණ්ඨක ගෑණියෙක් සහ රිලා පැටියෙක් අත්දෙක අල්ලන් එන හැටි මතක් වන බව කියනවා.

 

එහි තේරුම පසුව තේරුම් ගන්නා බන්ටි මහේෂ් මහත්තයා හට උදැල්ලෙන් ගැසීමට යනවා.මහේෂ් පාරේ එන විට සයොනාරා ටීච හමු වනවා.ඇගේ මුහුණ වෙනස් වී ඇති බව ඔහු කියනවා.සියලු දෙනා වෙනස් වන නිසා ඇයත් වෙනස් වී ඇති බව කියා එතැනින් ඇය පිට වනවා.එතැනට බන්ටි දුවගෙන එනවා.ඔහු නවත්තන මහේෂ් ඔහුට ඕඩිකොලෝන් බෝතලයක්  රැගෙන දෙන බවත් එය ටීච හට ගොස් දෙන්න කියා ඇය කියනවා.උදෑසන පාසලේ ළමුන් උපුල් සර්ගේ පින්තූරයක් ගසමින් සිටිනවා.මේ අතර එතැනට එන සයොනාරා ටීච ළමුන්ට පන්ති වලට යන ලෙස කියනවා.එතැනට එන ශිරෝමාලා මිස් හා දෙදෙනාම උපුල් සර් හමු වීමට යනවා.ඉන්පසු ඔහු ඔවුන්  ටබනිනවා.සයොනාරා ටීච කෝපයෙන් එතැනින් පිටව යනවා.ප්‍රථම වතාවට පාසලට ක්‍රිකට් බඩු ලැබෙනවා.ඉන්පසු ඒවා ළමුන් හට සයොනාරා ටීච දෙනවා.මේ අතර ලොකු සර් හට තිලක් මුදලාලි ඇමතුමක් ලබා දි සයොනාරා ටීච පාසලට නැවත ගත් එකට කෑ ගසනවා.ලොකු සර්ගේ නිවසට නුවංග පැමිණෙනවා.ඉන්පසු ලොකු සර් සියලු දේ ඔහුට කියනවා.

 

ලොකු සර්ගේ බිරිඳ තිලක් මුදලාලිගේ නිවසට ගොස් සිදුව ඇති දේ රෙබේකා නෝනා හට පවසනවා.ඇය තිලක් මුදලාලිගේ ප්‍රශ්න වලට උදව් නොවන බව කියනවා.ඔවුන් කතා කරමින් සිටන තැනට උපුල් සර්  සහ ග්‍රාමසේවක මහතා පැමිණෙනවා.ඉන්පසු රෙබෙකා නෝනා ඔවුන්ට බැන එළවා ගන්නවා.දැහැමි සහ ටීච පැමිණෙ විට එතැනට නුවංග පැමිනෙනවා.ඔහු සමඟ කතා කරමින් සිටින විට මහේෂ් එය බලා සිටිනවා.ඉන්පසු එතැනට පැමිණෙන මහේෂ් සයොනාරා ටීච සමඟ කතා නොකරන ලෙස කියනවා.අරුෂ් හට ඇමතුමක් දෙන මහේෂ් නුවංග ගැන කියනවා.ඉක්මනින් ගමට එනලෙස ඔහුට කියනවා.දැහැමිගේ නිවසට එන අහිංසා උපුල් සර් හැම ළමයෙකුටම රුපියල් 400 බැගින් රැගෙන ඒමට කියු බව පවසනවා.මේ අතර පාරේ එමින් සිටින නුවංග හට පිරිසක් පැමිණ පොල්ලකින් පහර දෙනවා.උදෑසන පාසල ඉදිරිපිටට පැමිණ ලොකු සර් පාසලට දෙස බලා සිටිනවා.එතැනට එන දැහැමි ලොකු සර් සමඟ කතා කරනවා.

 

එය දකින උපුල් සර් පැමිණ ඇයට බැන එතැනින් යන ලෙස කියනවා.ලොකු සර් හටද උපු ල් සර් නැවත පාසලට නොයෙන ලෙස කියනවා.තමා නිර්දෝෂි අයෙකු වී නැවත පැමිණෙන බව ලොකු සර් පවසා එතැනින් යනවා.කෝපයෙන් එන උපුල් සර් දැහැමි හට පිට මිනිසුන් සමඟ කතා කලා යැයි පවසා ඇයට පහර දෙනවා.එතැන එන ශිරෝමාලා මිස් ඇයව බේරා ගන්නවා.කාර්යාලයට යන ශිරෝමාලා මිස් එසේ දරුවන්ට පහර දෙන්න එපා යැයි උපුල් සර්ට කියනවා.තමා හට උප විදුහල්පතිකම උවමනානම් තමා කියන විදිහට වැඩ කරන්න කියා උපුල් සර් ශිරෝමාලා මිස්ට කියනවා.මේ අතර දැහැමි හට පාසලේ සිටිමට නොහැකි බව ඕලු හට පවසා ඇය පාසලෙන් පැන යනවා.

2 Replies to “උපුල් සර්ගේ නොමනා ක්‍රියාවන් වල අවසානයක් නැති වේවිද”

  1. උපුල් සර් අධ්‍යාපන කාර්යාලයටත් හොරෙන් සකසා ගත් ලිපියකින් විදුහල්පති වෙලා ඉන්නවා පේනවා ලොකු සර් කිසිවක් නොසොයා සිටීමෙන් කරදරයක් කරගන්න ඉඩ තියෙනවා අන්තිමේ උපුල් සර් හිරගත වුනොත් සාධාරණයි

  2. කූඨ ලේඛන සකසා විදුහල්පති තනතුර දරණ උපුල් සර්ගේගේ ලිපිය ගෙන අධ්‍යාපන කාර්‍යාලයට යන සයොනාරාට ඇගේ හිතවත්ම අයෙක් අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස සිටිනවා පෙනුනා ගෙන ගිය ලිපිය බලන ඔහුට උපුල් සර්ගේ වංචාව පේනවා ඔහු පොලිසියට දැන්වීම මත පැවරෙන නඩුවෙන් පරදින උපුල් සර් සේවයෙන් පහකරන අතර සිරගතව දුක් විදිනවා

Leave a Reply to අප්පුහාමි Cancel reply

Your email address will not be published. Required fields are marked *