හිරු නාලිකාවේ මේ දින වල විකාශය වන රැල්ල වෙරළට ආදරෙයිටෙලි නාට්‍ය ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇති ටෙලි නාට්‍යකි.සතියේ දින පහේම රාත්‍රි 8.30ට විකාශය වනවා.සත්‍යා එනතුරු ශිවා සහ බාබු බලා සිටිනවා.නමුත් ඇය හිතේ ඇති කෝපයට ශිවා දිහා නොබලා යනවා.බාබු සහ ශිවා බස් එක පිටුපසින් පැමිණ ඇගෙන් එසේ සිටීමට හේතුව විමසනවා.ඇය කිසිවක් නොකියා කේන්තියෙන් බලා සිටිනවා.තෝමස් බස් එක නැවැත්තුවද සත්‍යා තෝමස් හට බැන වැදි ඉක්මනින් එතැනින් යමු ලෙස කියනවා.සත්‍යා පන්තියට ගොස් හඩා වැටෙනවා.සිදු වූ සියල්ල සත්‍යා යෙනුකි හට පවසනවා.බාබු යෙනුකි හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු යෙනුකි සිදු වූ දේ බාබු හට කියනවා.සත්‍යා පල්ලියට යනවා.

බාබු සහ ශිවා මත්පැන් පානය කර පැමිණෙනවා.ඉන්පසු දෙදෙනාම කතා කරමින් සිට එතැනින් යනවා.ඔවුන්ව ජුඩා දකිනවා.ඇන්ටා හට අමතා ඔහු කිසියම් දෙයක් කියනවා.ශිවා යන අතර මැද ශිවාගේ බියිසිකලය වැටෙනවා.කවුරුන් හෝ පාර හරහා ලණුවක් ඇඳ තිබුණා.ඉන්පසු එතැනට බාබු දිව එනවා.ඉන්පසු බාබු ඔහුව රෝහලේ නතර කරනවා.පසුදින සත්‍යා බසයේ යන විට ශිවා පාරේ නොමැති බව ඇය දැනගන්නවා.ශිවාගේ පියා ශිවා බැලිමට එනවා.ඉන්පසු ඩොක්ටර් ශිවාගේ තාත්තාට සිදුව ඇති දේ කියනවා.ඔවුන් සිටින තැනට කැතරින් පැමිණෙනවා. බාබු සහ ශිවාගේ පියා එළියට එනවා.ඉන්පසු සිදු වූ දේ බාබුගෙන් ඔහු අසනවා.සිදු වූ සියල්ල බාබු ඔහුට කියනවා.බාබු නැවතශිවා වෙත එනවා.යෙනුකි බාබු හට ඇමතුමක් අරගන්නවා.ඉන්පසු බාබු සිදු වූ සියල්ල යෙනුකි හට කියනවා.සත්‍යා බාබු හට කතා කර ශිවාගේ පින්තූරයක් එවන ලෙස කියනවා.බාබු ශිවාගේ පින්තූරයක් ගෙන සත්‍යාට යවනවා.සත්‍යා එය දැක හඬනවා.පසුදින සත්‍යා කැම්පස් නොගිහින් නිවසට වී සිටිනවා.තාත්තා සයිවර් ගෙනා බවත්එය කෑමට ඇයට කතා කරනවා.ඉන්පසු ඇය සයිවර් කමින් සිටින විට ඇයට ශිවා සමඟ සිටි දේවල් මතක් වෙනවා.

සත්‍යාගේ කීමට යෙනුකි ශිවා බලන්න යනවා.ඔවුන් සිටින තැනට කැතරින් සහ තාත්තා පැමිණෙනවා.කෝප වන යෙනුකි එතැනින් පිට වනවා.කැතරින් ඒ කවුදැයි ශිවාගෙන් විමසනවා.මේ අතර බාබු යෙනුකි හට සියලු දේ පවසනවා.යෙනුකි සත්‍යාගේනිවසට පැමිණෙනවා.ඉන්පසු යෙනුකි සත්‍යා හට සියලු දේ කියනවා.ඔවුන් කතා කරමින් සිටින තැනට ජූඩ් පැමිණෙනවා.හොඳම යාළුවාගෙන් ගොඩක් පරිස්සම් වියයුතු බව ඔහු පවසනවා.යෙනුකි ශිවා හට ඇමතුමක් දි සත්‍යා හා ඔහුට කතා කිරීමට ඇමතුමක් අරගෙන දෙනවා.ඉන්පසු එතැනට ජූඩ් පැමිණෙනවා.සත්‍යා අතේ දුරකථනය තිබෙනු ජූඩ් දකිනවා.අළුතින් දුරකථනයක් ඇයට අරගෙන දෙන බව ඔහු කියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *