සිරස ටීවී තුලින් සෑම සතියේ දින පහේම රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යයේ හොඳම කොටස් කිහිපය තමයි මේ වෙද්දි විකාශනය වන්නේ. මේ වෙද්දි නිර්වාන් සමගින් විහාරා තනිව කතා කරමින් සිටිනවා දැකපු ලොකු සර් මැණිකේ ළගට පැමිණ ඇය විසින් විහාරාව එළියට යැව්වෙ ඇයි දැයි විමසමින් බැන වැදුනා. මේ වෙලාවේ මැණිකේ විසින් නිර්වාන් කියන්නේ නරක කෙනෙක් නොවන බව පැවසුවත් ඉස්කෝල මහත්තයා ඒ කිසිවක් පිළිනොගෙන විහාර සිටින තත්ත්වය මත ඇයව මෙලෙස එළියට යැවු එක වැරදි බව මැණිකේට තේරුම් කර දුන්නා. ඉතින් මේ වෙලාවේ නිර්වාන් සහ විහාර කතා කරමින් ඉන්න තැනට මහීමා පැමිණෙනවා. එසේ පැමිණ පූජා විසින් වීඩියෝ කෝල් එකක් ලබා ගන්නට කියූ බව පවසමින් ඇය පූජාට වීඩියෝ කෝල් එකක් ගන්නවා. ඒ වෙලාවේ මහීමා ඇගේ සැප දුක් විමසමින් විහාරාට දුරකතනය ලබා දෙනවා. ඒ වෙලාවේ ඇයව දකින පූජා ඇයට කොහොමද කියා අමුතුවට අසනවා. ඉතින් විහාරා ඇය හොඳින් සිටින බව පවසා ඇයට පසුව අමතන්නම් කියා දුරකථනය විසන්ධි කරනවා.. ඉන්පසු ඇය කල්පනා කරනවා පූජා ඇයට විහාරා කියා කතා කරන්නෙ ඇයිද කියා..

මේ අතරේ ආදිත්‍ය පොලිසියට පැමිණ කුරුලුගේ මරණය ගැන පොලිස් නිලධාරියා සමගින් කතා කරමින් ඉන්නවා.. ඒ වෙලාවේ පොලිසිය විසින් ඔවුන් සියයට අනුවක්ම කුරුලු මිය ගොස් ඇති බව විශ්වාස කරන බව ආදිත්‍ය සමගින් පවසනවා. නිර්වාන් ළඟට පැමිණෙන මහිමා විසින් විහාරාව ඇය නිවසින් රැගෙන ගොස් ඔහු සමගින් කතා කිරීමට ඉඩ දුන්නාට ලොකු සර් විසින් ඇයට බැන වැදුණු බව පවසනවා.. එය ඇසීමත් සමගම කලබල වුණ නිර්වාන් ඔහුට විහාර ගැන තීරණ ගන්න කිසිදු අයිතියක් නැති බව මහීමා සමගින් පවසනවා. විහාරා සහ හර්ෂට එකතු කරන්නට හැදුවහොත් ඇය විහාර ගැන සියලුම ඇත්ත හෙළි කරන බව මහීමා සමගින් පවසනවා.. ඉතින් මේ වෙලාවේ නිර්වාන් ගොඩක් කේන්තියෙන් තමයි ලොකු සර් සමගින් සිටින්නේ. මහීමා විසින් ලොකු සර් කිසි දිනක ඔවුන්ට වරදක් නොකරන බව නිර්වාන් පැහැදිලි කරන්නට උත්සාහ කළත් ඔහු ඒය පිළිගත්තේ නැහැ. ඉතින් පොලිසිය හමුවීමට ගිය ආදිත්‍ය පසු දින රේෂ්මාව හමුවීමට ඇගෙන් නිවසට පැමිණෙනවා. එලෙස පැමිණ කුරුළුට සිදු වූ අනතුර ගැන ඔහු කිසිසේත් විශ්වාස නොකරන බව රේෂ්මා සමගින් පවසනවා.. ඔහුට මේ සිද්ධිය සම්බන්ධයෙන් අභිමන් ගැන ලොකු සැකයක් තිබෙන බව පවසනවා. මන්ද මෙලෙස කුරුලු අනතුරකට ලක් වී ඇයගේ බොඩි එක හමු වූයේ නැත්නම් අභිමන් ඒ ගැන මෙතරම් කාලයක් සෙවු නැති නිසයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *