මේ දින ස්වර්ණවාහිනියේ මේ දින වල විකාශය වන පාරදිගේ ටෙලි නාටයේ ඉතාමත් රසවත් කොටස් වලින් ගලාගෙන යනවා.සියලුම දේ ප්ලෑන් කරන බණ්ඩා වෙත පැමිණෙන සිකුර අයියා නැවත ඔහුගෙන් ඔහු පොරොන්දු වූ මුදල ඉල්ලනවා.මේ අතර ඩාලිං අක්කා වෙත පැමිණෙන බණ්ඩා මුදල් දෙන බව කියනවා.මේ අතර වත්සලා රාත්‍රි කෑමෙන් පසු අළුවිහාරේගෙන් කෝපි බොන ලෙස පවසනවා.ඉන්පසු අළුවිහාරේ ඇයට නිවසට යන ලෙස කියනවා.මේ අතර බානු මුහුද අසලට වී VOICE TRANNING කරමින් ඉන්නවා.ඉන්පසු එතැනට බන්ටි පැමිණෙනවා.මේ අතර රෙහාන්ගේ ආයතනයේ සියලු දෙනා පාටි එක ගැන කතා කරමින්ඉන්නවා.පවුලේ කීපදෙනෙකෙ එක්කගෙන එන බව කියනවා.මේ අතර ඔවුන් සිටින තැනට ටුටූ පැමිණෙනවා.සිංදුව RECOAD කරගැනීමට STUDIO එකක් සොයාදෙන බව ඇය කියනවා.මේ අතර ටික වේලාවකට පසු STUDIO එකක හමු වූ බව පවසා එතැනට යමු බව පවසනවා.ටුටු බානු සහ යහළුවන් STUDIO එකට එනවා.මේ අතර රෙක්සි බණ්ඩා හට පාටි එකට ඇඳගෙන ඒමට ඇඳුම් අරගෙන දෙනවා.මේ අතර සිකුරා ඩාලිං අක්කා හට සල්ලි තමන් හට දුන්නේ නැතිනම් සියලු විස්තර බන්ටිගේ ගෙදර අයට කියන බව කියනවා.මේ අතර සිකුර අයියා බන්ටිගේ තාත්තා හට සියලු දේ පැවසීමට යනවා.ඉන්පසු එතැනට පැමිණෙන ඩාලිං අක්කා සිකුරා හට රුපියල් 1000ක් දී එය කීම වලක්වනවා.මේ අතර බන්ටි පසුවදා නිවසින් පිටවීමට යාමේදි තාත්තා ඇයත් සමඟ එන බව කියනවා.ඉන්පසු ඇය කොහේවත් නොයෙන ලෙස ඔහුට කියනවා.ටික වේලාවකට පසු ඇය නැවතත් යාමට සුදානම් වන විට නැවතත් තාත්තා පැමිණ ඇය සමඟ යාමට සුදානම් වෙයි.බන්ටි එනතුරු බණ්ඩා බලාගෙන සිටිනවා.මේ අතර studio එකේ සිටින කෙනා මෙය බානු කියන විදිහට හරියන්නේ නැතිබව කියනවා.නමුත් ජූඩා එය කළ යුතු බව කියනවා.මේ අතර බන්ටිව සොයා තාත්තා පැමිණෙනවා.බණ්ඩාට අහු වෙන ඔහු බන්ටි කොහේද කියා විමසනවා.

පියුමි හංසිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *