නීල පබළු ටෙලි නාට්‍ය මේ දවස් වල ගොඩක් දෙනා ආස කරන ටෙලිනාට්‍යක්.. ඉතිං මේ වෙද්දී නීල පබළු නට්‍ය යේ හොඳ හොඳ දෙවල් තමයි සිද්ද වෙන්නේ..ඉතිං මේ වේලාවේදී ගමේ ඉන්න රුක්මන්ට පූජා ගැන කැමැත්තක් ඇතිවෙලා තියෙන්නේ.. පූජාත් තමන්ට අවශ්‍ය වැඩ කර ගැනීමට උවමනා නිසා රුක්මන්ට ඇයගේ හිතෙත් කැමැත්තක් ඇති බව පෙන්වනවා. ඉතිං ඔන්න මේ වේලාවේ පූජා, මහිමා, කුරුළු,හර්ෂ සහ රුක්මන් කට්ටියම පන්සල් යෑමට සූදානම් වෙනවා.

ඉතිං පන්සලට ගියපු කරුළු පහන් පත්තු කරන තැනටත් පූජා පැමිණ ඇය දෙස වෛරයෙන් බලා සිටිනවා. එ අවස්ථාවේත් පූජා කුරළුට කරදරයක් කිරීමටයි සිතුවේ. නමුත් එතනට රුක්මන් පැමිණිය නිසා ඇයට එය සිදු කර ගැනීමට නෙහැකි වුවා. ඉතිං මේ අතරතදී අභිමන්ගේ අම්මාව බැලීමට ඔෆිස් එකේ ඉන්න අශා එනවා.. අශා කියන්නේ පොලිස් නිලධාරිනියක්.. ඇය එතන සේවය කිරීමට පැමිණියේ කුරුළුගේ මරණ පිිළිබඳ කුමක් හෝ හෝඩුවවක් සොයා ගැනීමේ අරමුණ ඇතුවයි. හැබැයි මේ බව දන්නේ අභිමන්ගේ අම්මා පමණයි. ඉතිං අභිමන්ගේ අම්මා අශාගෙන් පූජා ගැන විස්තර මොනවදා කියා දැනගත්තා.

ඉතිං ඔන්න පූජා කවුරුත් පෙනෙන්න නැති අතරේ විහාරගේ කාමරයට ගොස් කුරුළු කියා කතා කරනවා. ඒ වේලාවේ විහාරා බය වෙනවා. ඒ වේලාවේ විහාරා පූජාගෙන් අසනවා ඇයි ඇයට හැම වේලවේම කුරුණ කියන්නේ කියා. එවිට පූජා එක දිග කතාවක් කියා විහාරට පවසනවා.. ඉතිං මේ අතරදීම අභිමන් පූජාට කෝල් එකක් අරගන්නවා. ඒ ඇයගේ සුව දුක් වීමසිමට සහ ඇය ආපහු කොළඹ එන්නේ කවදාදැයි දැනගැනීමට. ඉතිං එත් එක්කම රුක්මන් ඉස්කෝලේ මහත්තයාගේ ගෙදර ඉස්සරහා කණ්ඩියක් ළඟට ගීටාර් එක්ක අරගෙන ඇවිත් පූජාට අසෙන්නට සිංදු කියනවා පූජා දකිනවා. ඇය ඒ දෙස වදයක් වගේ බෙන්වමින් බලා සිටිනවා..

ඉතිං ඔන්න ඔය අවස්ථාවේ රැ කුරුළුගේ කාමරයට නාගයා පැමිණ ඇගේ ඇඳ උඩින් ඇය නිදාගෙන සිටින දෙස බලා සිටිනවා… නමුත් කුරුළු එම නාගයා ඇය ළඟ සිටනවා දකින්නේ නැහැ.ඔන්න පසුදා උදෑසන වත්තේ මල් කඩමින් සිටින කුරුළු ළඟට පූජා පැමිණ ඇයගෙන් ඇය හැමදාම මල් කඩනවාද කියා විමසනවා.. පූජා හැම අවස්ථාවකම බලන්නේ කුරුළු තනිව සිටින වේලාවක් සොයා ඇය ළඟට ගොස් ඇයට අනතුරක් කරන්නටයි.. ඉතිං මේ වේලාවෙත් ඇය ළඟට පැමිණ විවිධ දේවල් අසමින් කුරුළුගෙන් ප්‍රශ්න අසනවා. ඉතිං කුරුළුට අනතුරුක් සිදු කරන්න පූජා පැමිණෙන හැම අවස්ථාවකම නාගය ඇය අසළට පැමිණෙනවා.

ඉතිං ඔන්න ඔය අතරේ පොලිස් නිලධාරියෙක් ඉස්කෝලේ මහත්තයාගේ ගෙදර පැමිණෙනවා. ඒ කුරුළුගේ report ටිකත් රැගෙන. ඒ අවස්ථාවේ පූජා සහ රුක්මනුත් එ අසළට පැමිණ සිදු වන්නේ කුමක්ද කියා බලා සිටිනවා. පූජාට අවශ්‍යව තිබෙන්නේ එම report වල කුමක්ද තිබෙන්නේ කියා දැන ගැනීමටයි. ඉති මේ අවස්ථාවේ තනිව කතා කිරීමට අවශ්‍ය නිසා පොලිස් නිළධාරියත් සමඟින් ඉස්කොලේ මහත්තයා එළිය පැත්තට යනවාත් සමඟ පූජාත් කාමරයෙන් එ දෙසට ගොඩස් ඔවුන් කතා කරන්නේ මොනවාදැයි අහගෙන සිටනවා. ඒ වේලාවේ එම පොලිස් නිළධාරියා විහාරාගේ හිසට තදබල පහක් වැදි හෝ වැටීමක් නිසා හිසට තදබල හානියක් සිදුව ඇතකි බව ඉස්කොල මහත්තයා සමඟින් පවසනවා. එය ඇසෙන පූජා බියට පත්වෙනවා. එ වගේම විහාරාව සනීප කර ගැනීමට හැකි බවත් ඉස්කෝල මහතත්යාට පොලිස් නිළධාරියා පවසනවා.

ඉතිං පූජා එය දැනගත් නිසා තවත් ඇයට අවශ්‍ය වුනා කුරුළුව ඉක්මනින්ම මරා දමන්නට.. ඉතිං කුරුළුත් සමඟින් වෙළක් අසළට ගොස් ඇයගේ බෙල්ල මිරිකා ඇය කුරුළු බව කියමින් මරන්නට හදනවාත් සමඟිම එතන නාගයා පැමිණ එක සැරේටම පූජාගේ කුකළට දෂ්ඨ කරනවාත් සමඟම ඇයට වේදනාව දරා ගත් නොහැකිව බිමි ඇඳ වැටෙනවා. ඒ අවස්ථාවේ කුරුළු කෑගසාගෙන ගෙදරට දිව විත් පූජාට නාගයෙක් දෂ්ඨ කල බව පවසනවා. ඉන්පසු ලොකු සර් සහ රුක්මන් පැමිණ ඇයව ඔසාවගෙන ගෙදරට රැගෙන යනවා.. ඉන්පසු රුක්මන් පූජාව උස්සාගෙන වෙද මහතෙක් ළඟට වාහනයේ රැගෙන යමින් සිටින අතරතුරත් පූජාව ඔඩොක්කුවේ තබාගෙන සිටින කුරුළුගේ බෙල්ල නැවත වතාවක් මිරිකන්නට පූජා උත්සහා කරනවා..

ඉතිං වෙද මහතා ළඟට රැගෙන එන පූජාගේ තත්තවය ටිකක් බරපතළ බව ලොකු සර්ට වෙද මහතා විසින් පවසනවා… ඉතිං පූජාට සිදුවුණ මේ අනතුර ගැන දැනගත් මහිමත් වෙද මහත්තායා සිටින තැනට පැමිණ කලබලයෙන් පූජාගේ තත්තවය බරපතළද යන්න ගැන විමසනවා. ඉතිං පූජා මෙතරම් අමාරුවෙන් සිටියත් ඇය කුරුළු දෙස වෛරයෙන් බලමින් ඇයව මරන්නමයි උත්සහා ගන්නේ. ඉතිං මේ වේලාවේ මහිමාගේ පෙම්වත වන පසන් මාලන්ට කොල් එක්ක ගෙන පූජාට සිදුවු අනතුර ඔහු සමඟින් පවසා එ ගැන පූජාගේ තාත්තාවත් දැනුවත් කරන්න කියා ඉල්ලීම් කරනවා.. ඉන්පසු මාලන් ඔහුට කොල් කර මේ බව දැනුවත් කිරීමත් සමඟින් ඔහු කලබලවී පූජාගේ තත්තවය බරපළද කියා විමසා ඉක්මනින් කොත්මලේ යෑමට සූදානම් වෙනවා.

ඉතිං ඇත්තටම පූජාගේ තත්තවය බරපතළද? නැතහොත් ඇයගේ ජිවිතය බේරෙයිද? ඉතිං ඉදිරියේදී මොනවාගේ දෙයක් වෙයිද කියන එක ප්‍රේක්ෂක සියළුදෙනාටම කුතුහළයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *