හිරු නාළිකාව ඔස්සේ සෑම සතියේ දින පහේම රාත්‍රී 8.30 ට විකාශනය වන අහස් මාළිගා ටෙලිනාට්‍ය මොනවද ඉදිරියේදී සිදුවන්නේ කියන එක මේ ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්ෂකයාගේ හිතට කුතුහලයක්… හේතුව එක් වරකදී මේ මෙගා ටෙලි නාට්‍ය අවසාන වන බවට හැගෙන සේ කොටස් කිහිපයක් පෙනුවුවා.. ප්‍රේක්ෂකයා එ අවස්ථාවේ සිතුවේ මෙහි අවසාන කොටස් කීහිපය එ දින කිහිපය තුළින් පෙන්වු බවයි. නමුත් එය එසේ වුයේ නැහැ.. කතාව වෙනස් අකාරයට අලුත් මුහුණු සමඟින් නැවතත් විකාශන වුවා…

ඉතිං මේ වෙද්දී කතාව ගැන කිව්වොත් මේ වෙද්දී අහිංසා තේජාන් සමඟින් ගෙවල් වලින් ඈත් වී තමයි සිටින්නේ. අහිංසා මේ වෙද්දී තේජාන් විසින් සොයාදුන්න බෝඩිමක තමයි නැවතී කාලය ගත කරන්නේ.. එහිදී ඒ බෝඩිමේම සිටින අයෙකු අහිංසාගේ යෙහෙළියක් වනවා.. ඉතිං තේජාන් අහිංසා සමඟින් මේ බෝඩිමේ නෙමෙයි සිටින්නේ..ඔහු අහිංසාට පවසා යන්නේ ඔහුගේ යහළුවෙකුගෙ ව්‍යාපාර ස්ථානයක රැකියාවක් සොයා ගෙන එම යහළුවාගේ ගෙදරම නැවතී සිටින බවයි. ඉතිං අහිංසා එය විශ්වාස කරනවා… නමුත් ඇත්තටම තේජාන් රැකියාව කරන්නේ ව්‍යාපාරික ස්ථායනයක නෙව‍ෙයි..

ඔහුට පසුගියදා හමුවුණ ගැහැණු ළමයා විසින් ඇයගේ පියාගේ service station එකක් රැකියාවක් සොයා දුන්නා.. ඒ අවස්ථාවේ තේජාන්ට වැදගත් වුයේ රැකියාවක් කිරිම පමණයි.. මන්ද අහිංසා නතර වී සිටින බෝඩිමට මුදල් ගෙවීමට තේජාන් සතුව මුදල් තිබුනේ නැහැ. ඉතිං ඒ නිසා තමයි තේජාන් මෙවැනි රැකියාවක් හෝ කර අහිංසා නතර වී සිටින තැනට මුදල් සොයා දෙන්න හදන්නේ… නමුත් තේජාන් කැමති වන්නේ නැහැ අහිංසාට ඇත්ත තත්තවය ගැන කියන්නට.. ඔහු හොඳ රාස්සවක් කරමින් සතුටින් සිටින බව තමයි අහංසාට හඟවන්නේ.. තේජාන් දවසට එකවතාවක් හෝ අහිංසාගේ බෝඩිමට පැමිණ ඇය බලා සුවදුක් විමසා යනවා…

ඉතිං මේ වෙද්දී අහිංසාගේ අම්මා හිතාගෙන ඉන්නේ අහිංසා ඉන්න තැන ගැන සුරාජ් දන්නවා කියලයි.. ඉතිං ඇය දිගින් දිගටම සුරාජ්ගෙන් ඉල්ලන්නේ අහිංසා ඉන්න තැන ගැන ඇයට කියන ලෙසයි… නමුත් ඇතත්ටම සුරාජ් අහිංසා ඉන්න තැන ගැන දන්නවාද?මේ අතරේ තේජාන්ගේ තාත්තා වන රවීත් ඔහු සිටින්නේ කොහේද කියා දැන ගැනීමට බොහෝ උත්සහයක් දැරුවත් ඔහුට ඔවුන්ව සොයා ගැනීමට හැකිවන්නේ නැහැ..

ඉතිං ඔන්න තේජාන් ස්ර්විස් ස්ටේෂන් එකේ වැඩ කර කර ඉද්දී එතන වැඩ කරන කෙනෙක් තේජාන් ළඟට පැමිණ වාහන සෝදන ආකාරය කෙසේද කියා පෙන්වනවා… ඒ අවස්ථාවේ ඔහු නැවත වතාවක් තේජාන්ට යමක් කියන්නට පැමිණෙනවා.. එ තේජාන්ට රාස්සව සොයා දුන්න පුද්ගලයා වන මංජුලගේ දුවත් සමඟින් කතාබහ කරන්නට යන්නට එපා කියාය… ඉතිං ඔන්න මේ වේද්දී අහංසා බොර්ඩ් වෙලා ඉන්න තැන ඉන්න ආන්ටි අහිංසා සමඟින් ඇයගේ විස්තර කියනවා.. ඇය අහිංසාට ටිකෙන් ටික හිතවත් වෙනවා.. ඇය අහිංසාට ඇයත් සමඟින් වාහනයේ මාකර්ට් එකට යෑමට එන ලෙස පවසනවා… ඉතිං අහිංසා නම් ඒ දේට වැඩිය කැමැති වෙන්නේ නැහැ. මොකද මේ වේලාවේ එළියට ගියොතින් කවුහරි දකි කියන බය ඇගේ සිතේ තිබුනා…

ඉතිං ඇය එ අවස්ථාවේ කිව්වේ ඇය ගෙදර ඉන්නම් කියායි.. නමුත් අන්ටිගේ දැඩි ඉල්ලීම මත ඇය එ ගැන තේජාන්ගෙන් අසා බලන්නම් කියා තේජාන්ට දුරකථන ඇමතුම්ක් දෙනවා… ඒ වේලාවේ ඒ ගැන තේජාන්ගෙන් විමසුවාම ඔහුත් එයට කැමිත වන්නේ නැහැ. නමුත් අහිංසාගේ දැඩි ඉල්ලීම මත පරිසමින් ගිහින් එන්න කියලා තේජාන් අහිංසාට පවසනවා… ඉතිං මේ වේලාවේ අහිංසාව බෝඩිමේන යඑඝියට යාමේන් මොනවගේ දෙයක් සිද්ද වෙයිද?

ඉතිං ඔන්න මේ වේද්දී අහිංසා බෝඩිමේ අන්ටි සමඟින් කාර් එකෙන් මාකට් එකට යමින් සිටියදී එකපාරටම ඇයට දැනුනා වාහනයේ ටයර් වල හුලං මදි බවක්.. ඉතිං ඒ නිසා ඇය අහිංසාට පවසනවා ඇගේ ඥාති කෙනෙක්ගේ Service station එකක් ළඟ තිබෙන නිසා හුලං ටිකක් ගහගෙන යමු කියා. ඉතිං මේ වේලාවේ ඔවුන් පැමිණෙන්නේ තේජාන් රාස්සව කරන ස්ථානයටයි… ඉතිං මේ අවස්ථාවේ වහනයෙන් බහින අහිංසාව එකපාරටම තේජාන් දකිනවත් බ සමඟම බය වුන ඔහු කරමින් සිටිය වැඩේත් අතරමඟ නවත්වා ඔහු එක තැනකට වෙලා හැංගී අහිංසා එතනින් යනකන්ම බලාගෙන සිටිනවා.. ඉතිං එදා දවසේදී නම් තේජාන්ව අහිංසා දැක්කේ නැහැ. නමුත් මේ රඟපෑම තේජාන්ට කවදා වෙනකන් කැරන්නට සිදුවෙයිද?

ඉතිං ඔන්න දැන් අහිංසා බෝඩිමේ අන්ටි එක්ක ගෙදර ඇවිත් කුස්සියට වෙලා ආන්ටි එක්ක කතාබහ කරමින් සිටින අතරේදී ඇය අහනවා අහිංසාගෙන් තේජාන්ට සහෝදර සහෝදරියන් සිටිනවද කියා.. ඒ අවස්ථාවේ අහිංසා නැ කියනවා.. ඉතිං බෝඩිමේ අන්ටි අහිංසාට කියනවා තේජාන්ට එදින රෑ කෑම සඳහා ගෙදරට එන්න කියන්න කියා.. ඉතිං ඒ අවස්ථාවේ අහිංසා තේජාන්ගෙන් අහලා බලන්නම් කියා ඇයට පවසනවා..

ඉතිං මේ අවස්ථාවේදී තේජාන් වැඩ කරන තැන සිටින නාදර තේජාන් ගැන විවිධ කේලම් මංජුට තියනවා.. මංජු කියන්නේ මේ වැඩ කරන තැන අයිති පුද්ගලයා.. ඉතිං ඔහුගේ දුවගේ හිතේ නම් තේජාන් ගැන කැමත්තක් තිබෙන බව කිහිපවතාවකදීම තේරුනා.. ඇය හැමවිටම තේජාන්ගේ පැත්ත ගත්තා.. ඉතිං එ වැඩකරන තැන පුද්ගයෙක් වන නාදර තේජාන් හොඳින් වැඩ කරන්නේ නැහැ කියමින් විවිධ කේලම් මංජුට කියන අතරතුරදී එතනට මංජුගේ දුව පැමිණෙනවා.. ඒ අවස්ථාවේ අය කියන්නේ තේජාන් වැඩ නොකර ඉන්නවාද කියා බලන්න කැමරා චෙක් කර බලන්න කියා මංජුගේන් ඉල්ලීම් කරනවා… ඉතිං මේ දේවල් නිසා තේජාන්ට මේ රැකියාව නැති වෙයිද ? එහෙමත් නැත්තම් ඔහු වරදක් නොකරපු බව ඔප්පු වෙයිද?

ජනනි තරුෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *