මේ දින වල දෙරණ නාලිකාවේ විකාශය වන දෙරණ DREAM STAR වැඩ සටහනේ පසුගිය සතියේ ගීත ගායනා කල ඉතා දක්ෂ තරඟකරුවන් 7 දෙනා වන්නෙ අංක 1 මිහිදුන් කීර්තිසිජංහ,අංක 2 සජනි කවීෂා,අංක 3 දිනිදු ශේන්,අංක 4 ඉසිදි අමරසිංහ ,අංක 5 උදිත් මේනක,අංක 6 හෂේන් සිල්වා,අංක 7 පැතුම් විමලවීර යි.අංක 1 මිහිදුන් කීර්තිසිජංහ ඉන්ද්‍රචාපා ලියනගේ මහත්මයාගේ අභිනිෂ්ක්‍රමණය ගිතයද,අංක 2 සජනි කවීෂා මාලනී බුලත්සිංහල මහත්මියගේ පිපෙනා මලකට ගීතයද,අංක 3 දිනිදු ශේන් නලින් පෙරේරා මහතාගේ මරියසිලෝ ගීතයද,අංක 4 ඉසිදි අමරසිංහ එච් ආර් ජෝතිපාල මහත්මයාගෙ කලක් තිස්සේ ගීතයද,අංක 5 උදිත් මේනක එච් ආර් ජෝතිපාල මහත්මයාගෙ ඔබ දැකුමෙන් ගීතයද,අංක 6 හෂේන් සිල්වා you are the reason ගීතයද,අංක 7 පැතුම් විමලවීර කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ අතීතය සිහිනයක් පමණයි ගීතයද ඉතාමත් දක්ෂ අන්දමින් ප්‍රේක්ෂක හදවත් සොරා ගන්න අයුරින් ගායනා කරණු ලැබුවා.විනිශ්චය මණ්ඩලයේ නොමද ප්‍රශංසා සහ ගෞරව ඔවුන් සියලු දෙනාටම හිමි විය.ඒ සියලු ඒකග ගායනා වලින් අමතරව ඔවුන් සියල්ලන්ගෙම ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් සිදු කළේය.එහිදි ඔවුන් සියලුදෙනාම ඉරාජ් වීරරත්න සහ නිලුක්ෂි ජයවීරසිංහම් ගේ මට සිතන්න බෑ ගීතය ඉතාමත් රසවත් අයුරුන් ඉදිරිපත් කරනු ලැබුවා.එකි නෙකාට වෙනස්ම හඬවලින් යුත් මේ තරඟ කරුවන්ගේ තරඟය දිනෙන් දින වැඩි වෙමින් පවති.

ඔවුන්ගේ දක්ෂකම් දිනෙන් දින ඔප්නැංවෙනු අපට දකින්නට පුළුවන්.විනිෂ්චය මණ්ඩලයේ ප්‍රශංසා මෙන්නම ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඔවුන්ට ලැබෙන බව ඔවුන්ට ලැබෙන මෙම මනාප වලින් සටහන් වෙයි.අංක 3 දිනිදු ශේන් මනාප 57606ක්ද, අංක 6 හෂේන් සිල්වා මනාප 55004ක්ද,අංක 5 උදිත් මේනක මනාප 52401 ක්ද,අංක 1 මිහිදුන් කීර්තිසිජංහ මනාප 41745 ක්ද,අංක 2 සජනි කවීෂා මනාප 39 493ක්ද,අංක 7 පැතුම් විමලවීර මනාප 38 400 ක්ද,ලබා ගනිමින් තව දුරටත් තරඟයේ ඉදිරියට ගියේය.ඒ අනුව අංක 4 ඉසිදි අමරසිංහ මනාප 35184 ක්ද ලබා ගනිමින් තරඟයෙන් ඉවත් වීමට සිදු විය. මේ අයුරින් ප්‍රේක්ෂක හදවත් දිනා ඇති මෙම වැඩසටහන ඉදිරියේදි තවත් උනුසුම් වේවිද.ඔබ අප සියලු දෙනාගේම සිහින තාරකාව දෙරණ dream star වේවිද.මේ සියලු දේ ප්‍රෙක්ෂක හදවත් තුල කුතුහලයක් වී තවත් දවසක් නිමා වී ඇත්තේ මොවුන් අතරින් ඉදිරි වටයේදි ඉදිරියට යන තරඟ කරුවන් කවුරුන් වේවිද ඔවුන් කොයි ආකාරයේ ගීත ගායනා කරමින් ප්‍රෙක්ෂක හදවත් සොරා ගනීවිද..

පියුමි හංසිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *